Last Update  :  2025-05-13 15:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී ලංකා රග්බි පිලට රීබෝන් අනුග‍්‍රහය

ශ්‍රී ලංකා රග්බි පිලට රීබෝන් අනුග‍්‍රහය

දිලිනි මල්රුක්ෂි - 2014 මැයි මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ජාතික රග්බි පිලේ ඇඳුම් සදහා අනුග‍්‍රහය දැක්වීමට ජනප‍්‍රිය ඇගලූම් වෙළෙඳ නාමයක් වන රීබෝන් නිෂ්පාදනය කරන ස්ටැෆෝඞ් ගාමන්ට් ඉදිරිපත් වී සිටියි. එම අනුග‍්‍රහයත් සමග ශ්‍රී ලංකා ප‍්‍රධාන රග්බි පිලේ සහ සත් සාමාජික රග්බි පිලේ ක‍්‍රීඩකයන් රීබෝන් ලාංඡනය සහිත ඇඳුම් පාවිච්චි කිරීමට නියමිතය.

වසර තුනක් සඳහා වන මෙම අනුග‍්‍රහය පිරිනැමීම පසුගියදා ශ්‍රී ලංකා රග්බි සංගමයේ සභාපති අසංග සෙනෙවිතරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙම අනුග‍්‍රහයත් සමග ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම පාවිච්චි කරන ඇඳුම්වලට සමාන ඇඳුම් දිවයින පුරා ඇති රීබෝන් ඇගළුම් අළෙවි සැල්වලින් රග්බි පේ‍්‍රක්‍ෂකයන්ට මිලදී ගැනීමේ අවස්ථාව ඇති බව ස්ටැෆැර්ඞ් ගාමන්ට් ආයතනයේ කළමණාකාර අධ්‍යක්‍ෂ ශකීර් හෆීෂ් මහතා පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා රග්බි සංගමයේ ලේකම් නලීන් ද සිල්වා මහතා පැවසුවේ වසර 140 ක පමණ ශ්‍රී ලංකා රග්බි ඉතිහාසයේ අනුග‍්‍රහයකයා සමග ගිවිසුමකට පැමිණ රග්බි කණ්ඩායමට නිල ඇඳුම් අනුග‍්‍රහකයකු ලැබුණු පළමු අවස්ථාව මෙය බවයි.

ස්ටැෆැර්ඞ් ගාමන්ට් ආයතනයේ කළමණාකාර අධ්‍යක්‍ෂ ශකීර් හෆීෂ් මහතා විසින් ශ්‍රී ලංකා රග්බි සංගමයේ සභාපති අසංග සෙනෙවිරත්න මහතාට නිල වශයෙන් අනුග‍්‍රහය පිරිනමන ලද අවස්ථාව. ස්ටැෆෝඞ් ගාමන්ට් ආයතනයේ අධ්‍යක්‍ෂ අල්තාෆ් ගෆාර් මහතා (වමේ) සහ ශ්‍රී ලංකා රග්බි සංගමයේ ලේකම් නලීන් ද සිල්වා (දකුණේ) යන මහත්වරු ද මෙහි වෙති.

(ඡායාරූපය: ජයමාල් චන්ද්‍රසිරි)


අදහස් (0)

ශ්‍රී ලංකා රග්බි පිලට රීබෝන් අනුග‍්‍රහය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.