Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී ලංකා රග්බි පිල පදක්කමක් අබියස

ශ්‍රී ලංකා රග්බි පිල පදක්කමක් අබියස

සංජය එරමුදුගොඩ - 2018 අගෝ මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී පැවැත්වෙන 18 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි සත් සාමාජික රග්බි ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (31 වැනිදා) සමත් විය. එම ඉසව්ව යටතේ ශ්‍රී ලංකාව සහභාගි වන පළමු අවසන් පූර්ව තරගය ජපානයට එරෙහිව හෙට (1 වැනිදා) පැවැත්වීමට නියමිතය.

අවසන් පූර්ව තරගයේදී ජපානය පරාජය කිරීමට හැකි වුවහොත් ශ්‍රී ලංකාවට එම ඉසව්වේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගනිමින්, රන් හෝ රිදී පදක්කම් දිනාගැනීම සඳහා තරග වැදීමට අවස්ථාව උදාවනු ඇත. එසේ නොමැතිව එම තරගයේදී ජපානය හමුවේ පරාජය වුවහොත් ශ්‍රී ලංකාවට එම ඉසව්වේ තෙවැනි ස්ථානය තේරීමේ තරගයේදී ලෝකඩ පදක්කම දිනාගැනීම සඳහා තරග වැදීමට සිදුවනු ඇත.

අවසන් පූර්ව තරගයේ ප්‍රතිඵලය කුමක් වුවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ මීලග ප්‍රතිවාදීන් වන්නේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී තරග වැදීමට සූදානමින් සිටින කොරියාව හෝ හොං කොං රාජ්‍යයයි.

ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේ අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී චීනයට එරෙහිව ලකුණු 17-12 ක ජයක් වාර්තා කරමිනි. ශ්‍රී ලංකා කණ්ඩායම ගෝල දිනුමක් සහ උත්සාහක දිනුම් 2 ක් සමගින් එම තරගයේදී ලකුණු ලබාගත් අතර චීනය එහිදී ලකුණු රැස්කළේ ගෝල දිනුමක් සහ උත්සාහක දිනුමක් සමගිනි.

‘සී’ කාණ්ඩය යටතේ තරගාවලියට එක්වූ ශ්‍රී ලංකාව, මූලික වටයේ පළමු තරගයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව ලකුණු 68-0 ක ජයක් වාර්තා කළ අතර දෙවැනි තරගයේදී කොරියාව හමුවේ ලකුණු 31-26 ක පරාජයක් ලැබීය. කෙසේ වුවත් අද පැවැති මූලික වටයේ තෙවැනි තරගයේදී ලකුණු 36-0 කින් ඇෆ්ගනිස්තානය පරාජය කිරීමත් සමග ශ්‍රී ලංකාවට අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට අවස්ථාව උදා විය.


- 036

 


අදහස් (0)

ශ්‍රී ලංකා රග්බි පිල පදක්කමක් අබියස

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.