Last Update  :  2025-05-13 15:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී ලංකා - ජපාන රග්බි තරගය හෙට

ශ්‍රී ලංකා - ජපාන රග්බි තරගය හෙට

දිලිනි මල්රුක්ෂි - 2014 මැයි මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආසියානු ප‍්‍රධානතම රටවල් පහ අතර රග්බි තරගාවලියේ (2014) ශ‍්‍රී ලංකාව සහ ප‍්‍රබල ජපානය අතර තරගය හෙට (10) ජපානයේ වේලාවෙන් පස්වරු 6.30 ට හෙවත් ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.00 ට ටෝකියෝහිදී ආරම්භ වීමට නියමිතය.

ශ්‍රී ලංකාව මේ දක්වා සහභාගි වූ තරග දෙකේදී දකුණු කොරියාව සහ හොං කොං හමුවේ පරාජයට පත්ව සිටියි. නාමල් රාජපක්‍ෂගේ නායකත්වයෙන් මෙම තරගාවලියට 25 දෙනකුගෙන් යුත් සංචිතයක් පිටත්ව ගියේය.

ආසියානු රග්බි ශූරයන් වන ජපානය ලෝක ශ්‍රේණිගත කිරීමේ 13 වැනි ස්ථානය හිමිකර ගෙන සිටියි. ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීමේ 39 වැනි ස්ථානයේ පසු වෙයි.


අදහස් (0)

ශ්‍රී ලංකා - ජපාන රග්බි තරගය හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.