ජීවන් ප්‍රනාන්දු මහතා සමග මිනුවන්ගොඩ එක්සත් ක්‍රීඩා සමාජය එක්ව සංවිධානය කරන විවෘත රේසිං පාපැදි සවාරිය මේ මස 11 වැනිදා පෙරවරු 11.00 සිට මිනුවන්ගොඩ නරගය කේන්ද්‍ර කොටගෙන පැවැත්වේ.
මිනුවන්ගොඩ ඇලිස් පාර්ක් පිටිය අසලින් ආරම්භ වන මෙම පාපැදි සවාරිය උන්නාරුව, ආඩිඅම්බලම, කටුනායක, මල්ගස් හංදිය, මඩවල, හීනටියන, යාගොඩමුල්ල පසුකර පොල්වත්ත හරහා යළි මින්වන්ගොඩට පැමිණීමේ වට 3 කින්ද, මිනුවන්ගොඩ ඔරලෝසු කණුව අසලින් දකුණට හැරී, යකහටුව, නයිවල, උඩුගම්පල, කොටුගොඩ පසුකර ඕපාත හරහා මිනුවන්ගොඩට පැමිණිමේ වට 3 කින්ද සමන්විත වේ.
පාපැදි සවාරියේ ශූරයාට ශූරතා කුසලාන සමගින් රුපියල් 50,000 ක මුදල් ත්‍යාගයක් පිරිනැමෙන අතර දෙවැනි ස්ථානය සඳහා රුපියල් 40,000 ක්ද, තෙවැනි ස්ථානය සඳහා රුපියල් 30,000 ක්ද බැගින් මුදල් ත්‍යාග පිරිනැමේ. ඊට අමතරව එහි සිවුවැනි ස්ථානයේ සිට 25 වැනි ස්ථානය දක්වා මුදල් ත්‍යාග ලබාදීමටද සංවිධායකයෝ සූදානමින් සිටිති.
මෙම තරගයට සහභාගි වීමට අවශ්‍ය තරගයකරුවන්ට තරගය පැවැත්වෙන දින උදෑසන මිනුවන්ගොඩ ඇලිස් පාර්ක් පිටියට පැමිණ ඒ සඳහා ලියාපදිංචි විය හැකිය. ජයග්‍රාහකයන් සඳහා ත්‍යාග බෙදාදීම එදිනම පස්වරු 8.00 ට ආරම්භවන සංගීත ප්‍රසංගයේදී සිදුකෙරේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.