Last Update  :  2024-05-17 11:06:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ලෝක යොවුන් ස්ක්‍රැබල් ශූරතාව ශ්‍රී ලංකාවට

ලෝක යොවුන් ස්ක්‍රැබල් ශූරතාව ශ්‍රී ලංකාවට

editorial - 2023 දෙසැ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කටුනායක ටී.කේ.ජී.කපිල)

තායිලන්තයේ පැවති යොවුන් ලෝක ස්ක්‍රැබල් තරගාවලියේ දී ලෝකයේ ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකාව සමත්විය.

මෙම තරගාවලිය ඉකුත් දා තායිලන්තයේ ට්‍රැඩ් නුවර ලෝකයේ රටවල් 17 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 142 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

එහිදී මෙම තරගාවලියේ දී ලෝක ශූරතාව ගාල්ල මහින්ද විද්‍යාලයේ 16 හැවිරිදි හිවින් දිල්මිත් දිනා ගැනීමට සමත් විය.

මෙම තරගාවලියේ අනු ශූරතාව බත්තරමුල්ල ගේට්වේ පාසැලේ අදීශ දිසානායක ක්‍රීඩකයා දිනා ගැනීමට සමත් වී තිබුණි .

මෙම තරගාවලියේ තෙවැනි ස්ථානය කොළඹ රාජකීය විද්‍යාලයේ කවිදු මළවරආරච්චිට හිමිවිය.

මෙම තරගාවලියේ පළමු, දෙවැනි සහ තෙවැනි ස්ථාන ශ්‍රී ලංකාවට හිමි වීමත් සමග ප්‍රථම වතාවට ශ්‍රී ලංකාව මෙම යොවුන් ලෝක ස්ක්‍රැබල් ශූරතා තරගාවලියේ ලෝකයේ දක්ෂතම රට බවට පත් වී තිබේ.

ශූරතා දිනාගත් ක්‍රීඩකයන් ඊයේ (05) මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට එයාර් ඒෂියා ගුවන් සේවයේ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.

(වමේ) අනු ශූර අදීශ දිසානායක… (දකුණේ) ලෝක ශූර හිවින් දිල්මිත්...


අදහස් (0)

ලෝක යොවුන් ස්ක්‍රැබල් ශූරතාව ශ්‍රී ලංකාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.