Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රෝද පුටු කේවල ශූරතාව ගාමිණීට

රෝද පුටු කේවල ශූරතාව ගාමිණීට

Nisanka Sandeepani - 2018 සැප් මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ටෙනිස් සංගමය සංවිධානය කළ 103 වැනි ජාතික ටෙනිස් ශූරතාවලියේ රෝද පුටු කේවල ශූරතාව දිනාගැනීමට ඩී.එම්. ගාමිණී සමත් විය. ඒ එම ඉසව්වේ අවසන් මහ තගරයේදී වට 2-1 ක් ලෙස ලසන්ත රණවීර පරාජය කරමිනි. 

අවසන් තරගයේ පළමු වටය ලකුණු 6/2 ක් ලෙස ජයගැනීමට ගාමිණී සමත් වුවද, දෙවැනි වටය ලකුණු 6/3 ක් ලෙස ජයගැනීමට රණවීර සමත් වීමත් සමග තරගය සම තත්වයට පත් විය. කෙසේ වුවත් දෙදෙනාටම තීර්ණාත්මක වූ තෙවැනි වටයේදී ලකුණු 10/6 ක ජයක් ලැබූ ගාමිණී, සමස්ත තරගයේ ජය වට 2-1 ලෙස තමන් සතුකර ගත්තේය. 

ඩී.එස්.ආර්. ධර්මසේනට එරෙහිව පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී වට 2-0 ක (6/4, 7/5) ජයක් වාර්තා කරමින් රණවීර අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය. ගාමිණී අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී වට 2-0 ක් ලෙස (6/2, 6/3) එන්.ආර්.එල්. ජයසුන්දර පරාජය කරමිනි. 

කේවල අවසන් මහ තරගයේදී පරාජයට පත්වුවද, එන්.ආර්.එල්. ජයසුන්දර සමග එක්ව රෝද පුටු යුගල ඉසව්වේ ශූරතාව දිනාගැනීමට ලසන්ත රණවීර සමත් විය. අවසන් මහ තරගයේදී සුනිල් පෙරේරාට සහ කේ.ජී.එම්. ප්‍රදීප්කුමාරට එරෙහිව වට 2-0 ක (6/1, 6/1) ජයක් වාර්තා කරමින් ඔවුහු යුගල ශූරතාවට හිමිකම් කීහ. 

ලයනල් සේනාරත්නට සහ ඩබ්ලිව්.පී.ජේ විජේසිරි එරෙහිව පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී වට 2-0 ක (6/4, 6/1) ජයක් වාර්තා කරමින් ජයසුන්දර සහ රණවීර අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්හ. සුනිල් සහ ප්‍රදීප්කුමාර අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී ඩී.එස්.ආර්. ධර්මසේන සහ ඩී.ජී. ගාමිණී හමුවේ නිතරග ජයක් ලබමිනි. 

කොළඹ ටෙනිස් සංගම් මුලස්ථන ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස ජාතික ඉතිරි කිරීමේ බැංකුව කටයුතු කළේය. ඩයලොග් සමාගම සහ බ්‍රවුන්ස් සමාගම එහි සම අනුග්‍රාහකයන් ලෙස කටයුතු කළ අතර තරගාවලියේ නිල පන්දු සැපයුම්කරුවා වූයේ ඩන්ලොප් සමාගමයි. 

අවසන් මහ තරග ප්‍රතිඵල 
රෝද පුටු කේවල 
ඩී.එම්. ගාමිණී විසින් තරග වට 2-1 ක් ලෙස ලසන්ත රණවීර පරාජය කරන ලදි. (6/2, 3/6, 10/6) 

රෝද පුටු යුගල 
එන්.ආර්.එල්. ජයසුන්දර සහ ලසන්ත රණවීර විසින් තරග වට 2-0 ක් ලෙස සුනිල් පෙරේරා සහ කේ.ජී.එම්. ප්‍රදීප්කුමාර පරාජය කරන ලදහ. (6/1, 6/1) 

 


අදහස් (0)

රෝද පුටු කේවල ශූරතාව ගාමිණීට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.