Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
චීන තායිපේහිදී පැවැත්වෙන වයස 20 න් පහළ ආසියානු කනිෂ්ඨ රග්බි තරගාවලියේදී ශ්‍රී ලංකා පිල සහභාගි වූ දෙවැනි තරගයේදී ලකුණු 31-0 ක් ලෙස සිංගප්පූරුව පරාජය කරමින් සුපිරි කාණ්ඩයට සුදුසුකම් ලබා ගත්තේය.
මෙම ජයග‍්‍රහණය නිසා ශ්‍රී ලංකා කණ්ඩායම ලබන වසරේ සිට ආසියාවේ ප‍්‍රබලතම කණ්ඩායම් සහභාගි වන සුපිරි කාණ්ඩයේ ක‍්‍රීඩා කිරීමට නියමිතය. මෙම තරගාවලියේ පළමු තරගයේදී ශ්‍රී ලංකාව ලකුණු 24-20 කින් තායිලන්තය පරාජය කළේය.
ශ්‍රී ලංකා යොවුන් පිලේ නායකයා ලෙස ගල්කිස්ස විද්‍යා විද්‍යාලයේ රිචඞ් ධර්මපාල කටයුතු කරයි.
සිංගප්පූරුවට එරෙහිව ඊයේ (17 වැනිදා) පැවැති තරගයේදී පළමු අර්ධය අවසන් වන විට ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ ලකුණු 10-0 ක් ලෙස පෙරමුණේ පසු වූහ. ශ්‍රී ලංකා පිලට ගෝල 4 කින් සහ දඩුවම් පහරකින් ලකුණු එකතු විය.
අනුරාධ හේරත් සහ ප‍්‍රවීන් ද සිල්වා උත්සාහක දිනුම් දෙක බැගින් ලබාගැනීමට සමත් වූහ. රිම්සි ජමාල්ඞීන් ගෝල ප‍්‍රවර්ථන හතර සහ දඩුවම් පහර සාර්ථක කරගත්තේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.