Last Update  :  2025-05-13 15:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මැඩගස්කර කී‍්‍රඩකයෝ පෝලන්තය පරදවති

මැඩගස්කර කී‍්‍රඩකයෝ පෝලන්තය පරදවති

ශනුක අරවින්ද - 2013 ඔක් මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘ඩයලොග් සෙරන්ඩිබ්’ කුසලාන අන්තර්ජාතික තුන්කොන් රග්බි තරගාවලියේ දෙවැනි තරගය ලෙස කොළඹ පැරණි තුරඟ තරග පිටියේදී අද (29) පස්වරුවේ පැවැති තරගයේදී මැඩගස්කර ක‍්‍රීඩකයෝ ප‍්‍රබල පෝලන්ත පිලට එරෙහිව ලකුණු 25 - 21 ක තියුණු ජයක් ලබමින් ශූරතාව දිනා ගැනීමට සමත් වූහ. පළමු තරගයේදී ශ්‍රී ලංකා පිල පරාජය කළ මැඩගස්කරය තරග දෙකම ජය ලබා අපරාජිත කණ්ඩායම බවට පත්ව සිටී.

මෙම තරගාවලියට සහභාගි වන විට ලෝක ශ්‍රේණිගත කිරීමේ 44 වැනි ස්ථානයේ පසු වූ මැඩගස්කරය ඊයේ තරගයට පෙර 39 වැනි ස්ථානය දක්වා පෙරමුණට පැමිණ සිටියේය. ශ්‍රේණිගත කිරිමේ 39 වැනි ස්ථානයේ සිටි ශ්‍රී ලංකාව 42 වැනි ස්ථානය දක්වා පසු පසට තල්ලූ වී තිබේ.

මෙම තරගයේදී ජයග‍්‍රාහි මැඩගස්කර පිල ගෝල දෙකකින්, උත්සාහක දිනුමකින් සහ ඩ්‍රොප් ගෝල දෙකකින් ලකුණු ලැබීය. පෝලන්තයට ගෝලයකින්, උත්සාහක දිනුමකින් සහ දඩුවම් පහර තුනකින් ලකුණු එකතු විය.

මැඩගස්කර ක‍්‍රීඩකයෝ තරගයේ ආරම්භයේ සිටම දැඩි ආක‍්‍රමණකාරි ලෙස ක‍්‍රීඩා කළ ආකාරය දැකගත හැකි විය. ඒ නිසාම පළමු අර්ධය අවසන් වන විට ලකුණු 17 - 16 ක් ලෙස මැඩගස්කරය ඉදිරියෙන් සිටියේය.

පළමු අර්ධයේ 12 වැනි සහ 13 වැනි මිනිත්තුවලදී මැඩගස්කර පිලට ගෝල දෙකකින් ලකුණු 14 ක් එකතුවීම සහ මැඩගස්කර පිලේ නායක රකොටෝ හැරිසන් අවස්ථානුකූලව ලබාගත් ඩ්‍රොප් ගෝල දෙක ප‍්‍රබල පෝලන්ත පිලේ පරාජයට පසුබිම සකස් කළේය.

තරගාවලියේ අවසන් තරගය ශ්‍රී ලංකාව සහ පෝලන්තය අතර කොළඹ පැරණි තුරඟ තරග පිටියේදී අනිද්දා (01) රාත‍්‍රි 7.30 ට ආරම්භ වීමට නියමිතය.

 

 


අදහස් (0)

මැඩගස්කර කී‍්‍රඩකයෝ පෝලන්තය පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.