Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(රජන්ත බමුණුකොටුව)
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 17න් පහළ පළමු කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තරගයකදී අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයට එරෙහිව ලකුණු 5 ක තියුණු ජයක් ලැබීමට මාතර රාහුල විද්‍යාලය සමත්විය.
මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී මාතර රාහුල විද්‍යාලය වෙනුවෙන් ආයු ගීසර පිත්තෙන් දස්කම් දැක්වූයේය. තෙනුෂ වීරසිංහ අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලය වෙනුවෙන් තුන් ඉරියව් දස්කම් දැක්වීය.
මාතර රාහුල විද්‍යාලය - ඕවර 37 කදී කඩුලු 8 ක් දැවී 163 යි
(ආයු ගීසර 67, ෂෙනාල් ආශිංෂ 40, දුල්මිණ ඉමාෂ 21, තෙනුෂ වීරසිංහ 20/2, තිසුල් දිසානායක 24/2)
අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලය - ඕවර 37 කදී කඩුලු 9 ක් දැවී 158 යි
(තෙනූෂ වීරසිංහ 74, චමිඳු දෙව්මිණ 21, සෙනුක දෙව්දිත 2/36)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.