Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මහවැලි ගිනිසිළුව කලා ඔය පසුකරයි

මහවැලි ගිනිසිළුව කලා ඔය පසුකරයි

සංජය එරමුදුගොඩ - 2018 සැප් මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තිස්වැනි මහවැලි ක්‍රීඩා උළෙලේ ගිනි සිළුව රැගත් රථ පෙරහර අද තඹුත්තේගම කලා ඔය පාළම පසුකළේය.

කොළඹ නිදහස් චතුරශ්‍රය අසළින් ඊයේ (6 වැනිදා) ආරම්භ වූ මහවැලි ගිනිසිළුව රැගත් රථ පෙරහර දෙවැනි දිනයේදී මහවැලි ‘එච්’ කලාප බලප්‍රදේශයේ කලා ඔය පාලම අසලදී මහවැලි රාජ්‍ය ඇමති වීරකුමාර දිසානායක මහතා ඇතුළු මහවැලි එච් කලාපයේ බලධාරීන් විසින් පිළිගනු ලැබිණ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අදහසකට අනුව මෙවර මහවැලි ක්‍රීඩා උළෙලට සමගාමීව කොස් පැල 11,111 ක් සිටුවීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරේ. එය සංකේතවත් කරමින් මහවැලි රාජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක මහතා විසින් කලාඔය  විහාරස්ථානයේදී කොස් පැල තුනක් රෝපණය කිරීමෙන් අනතුරුව ගිනිසිළුව රැගත් රථපෙරහර ගමන් ආරම්භ කළේය.

මහවැලි ප්‍රදේශවල දරු දැරියන්ගේ ක්‍රීඩා කුසලතා වර්ධනය කර ජාත්‍යන්තරයට ගෙනයාමේ අරමුණින් වාර්ෂිකව මහවැලි ක්‍රීඩා උළෙල පවත්වනු ලබයි.

මහවැලි ක්‍රීඩා උළෙල මෙම මස 15 සහ 16 දෙදින මහවැලි වලව කලාපයේදී පැවැත්වේ.
 

 


අදහස් (0)

මහවැලි ගිනිසිළුව කලා ඔය පසුකරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.