Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මහවැලි ගිනි සිළුව රැගත් රථ පෙරහැර ගමන් අරඹයි

මහවැලි ගිනි සිළුව රැගත් රථ පෙරහැර ගමන් අරඹයි

Nisanka Sandeepani - 2018 සැප් මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තිස්වැනි මහවැලි ක්‍රීඩා උලෙළේ ගිනි සිළුව රැගත් රථ පෙරහැර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (6 වැනිදා) පෙරවරුවේ කොළඹ නිදහස් චතුරශ්‍රය අසලින් ආරම්භ කෙරිණි. මහවැලි ගොවි දූ පුතුන්ගේ ක්‍රීඩා කුසලතා ඔප් නංවා ඔවුන්ගේ දක්ෂතා ජාත්‍යන්තරය දක්වා ගෙන යෑමේ අරමුණින් වාර්ෂිකව සංවිධානය කෙරෙන මහවැලි ක්‍රීඩා උලෙළ 30 වැනි වරටත් සැප්තැම්බර් 15 සහ 16 යන දෙදින ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. 

සර්ව ආගමික ආශිර්වාදය ලබා ගැනීමෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ගිනිසිළුව දල්වනු ලැබීමෙන් පසු මෙවර ක්‍රීඩා උලෙළේ ගිනිසිළුව රැගත් චාරිකාව නිල වශයෙන් ආරම්භ කෙරිණි. 

පෙර ගමන් රථ, යතුරු පැදි, ගිනිසිළුව රැගත් ධාවකයෝ, ත්‍රිවිධ හමුදා, පොලිස් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සාමාජිකයෝ සහ මහවැලි කලාප නියෝජනය කරන පිරිස් මෙම ගිනි සිඑව රැගෙන යන චාරිකාවට එක්ව සිටිති. 

මහවැලි රාජ්‍ය අමාත්‍ය විරකුමාර දිසානායක, රාජ්‍ය ඇමතිනි ශ්‍රීයානි විජේවික්‍රම, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය යන මහත්වරුද ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පති ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානින් සහ මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සරත් චන්ද්‍රසිරි විතාන මහතා ඇතුළු නිලධාරිහු මෙම අවස්ථාවට එක්ව සිටියහ. 

MII

DDF  

ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය 

-036

 


අදහස් (0)

මහවැලි ගිනි සිළුව රැගත් රථ පෙරහැර ගමන් අරඹයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.