Last Update  :  2024-04-24 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news බාර්ටි - ඔසාකා ජය ලබති
ඕස්ටේ‍්‍රලියානු විවෘත ටෙනිස් තරගාවලිය

බාර්ටි - ඔසාකා ජය ලබති

editorial - 2022 ජන මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඕස්ටේ‍්‍රලියානු විවෘත ටෙනිස් තරගාවලියේ අද (17 වැනිදා) පැවැති මූලික වටයේ තරගවලදී පහසු ජය ලබමින් දෙවැනි වටයට සුදුසුකම් ලබාගැනීමට  ඕස්ටේ‍්‍රලියාවේ ඈෂ්ලි බාර්ටි සහ ජපානයේ නයෝමි ඔසාකා සමත් වූහ. 

එහිදී යුක්රේනයේ ලෙසියා ස්රෙන්කෝ වට 2-0 ක් (6/0, 6/1) ලෙස පරාජය කිරීමට ලෝක කාන්තා ටෙනිස් ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානයේ රැදී සිටින බාර්ටි සමත් වූවාය. අවසන් වරට පැවැති  ඕස්ටේ‍්‍රලියානු විවෘත ටෙනිස් තරගාවලියේ ශූරතාව දිනා සිටින ඔසාකා හමුවේ කොලොම්බියාවේ කැමිලා ඔසොරියෝ වට 2-0 ක් (6/3, 6/3) ලෙස පරාජය පත් වූවාය. 

අනිද්දා (19 වැනිදා) පැවැත්වෙන දෙවැනි වටයේ තරගවලදී ඉතාලියේ ලූසියා බ‍්‍රවුන්සෙටිට එරෙහිව බාර්ටිද, ඇමරිකාවේ මැඩිසන් බ්‍රෙන්ගල්ට එරෙහිව ඔසාකාද තරග වැදීමට නියමිතය. 

ග‍්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතා 4 කට හිමිකම් කියන 24 හැවිරිදි ඔසාකා, මේ වන විට ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරීම්හි 14 වැනි ස්ථානයේ පසුවන්නීය. ඇමරිකානු විවෘත ටෙනිස් තරගාවලියේ තෙවැනි වටයේදී පරාජයට පත්වීමත් සමග ඇය කෙටි විවේකයක් ලබාගැනීම සඳහා තරග බිමෙන් ඉවත්ව සිටියාය. 

මානසික ආතතිය හේතුවෙන් ඉකුත් වසරේදී (2021) පැවැති ප‍්‍රංශ විවෘත තරගාවලියෙන් සහ විම්බල්ඩන් තරගාවලියෙන්ද ඉවත් වූ ඔසාකා, ජූලි මස පැවැති ටෝකියෝ ඔලිම්පික් උළලේ මූලික වටයේ තරගයකදී පරාජයට පත්වූවාය. 

-036 


අදහස් (0)

බාර්ටි - ඔසාකා ජය ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.