Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පොලිස් - යුද හමුදා තරගයේ ලකුණු සමවෙයි

පොලිස් - යුද හමුදා තරගයේ ලකුණු සමවෙයි

යොහාන් භාසුර - 2020 ජන මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A



අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු වටයේ අවසන් සහ හත්වැනි සතියේ තරග ආරම්භ කරමින් පොලිස් පිල සහ යුද හමුදා පිල අතර වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේදී අද (17) පැවැති තරගය ලකුණු 26-26 ක් ලෙස සමව අවසන් විය.

පළමු අර්ධය අවසන් වන විට ද ලකුණු 21-21 ක් ලෙස සම තත්ත්වයේ පැවතුණි.

සචිත් සිල්වා තරගය ආරම්භ කර මිනිත්තු පහක් ගතවීමට පෙර සම්පූර්ණ කළ උත්සාහක දිනුම නලීන් කුමාර ගෝලයක් බවට ප්‍රවර්ථනය කිරීමත් සමඟ පොලිස් පිල ලකුණු 7-0 ක් ලෙස ලකුණු පුවරුව ක්‍රියාත්මක කළේය.

සචිත් සිල්වා ඉන් මිනිත්තු පහකට පසුව පොලිසියට සිය දෙවැනි උත්සාහක දිනුම එකතු කළේය. නලීන් කු-මාර එයට අතිරේක ලකුණු එකතු කිරීමෙන් පොලිස් පිල ලකුණු 14-0 ක් ලෙස තව දුරටත් ඉදිරියට පැමිණියේය.

පොලිස් පිලේ මෙවර සාර්ථකත්වයේ ප්‍රධාන සාධකය වූ ෆීජි ක්‍රීඩක ඉමෝෂි වෙනුමෝසා 16 වැනි මිනිත්තුවේදී කහ කාඞ්පකින් අවවාද ලබා මිනිත්තු පහක් ක්‍රීඩාංගණයෙන් පිටත අසුන් ගැනීම පොලිස් පිලට දැඩි පාඩුවක් බවට පත්විය.

ඉමෝෂි වෙනුමෝසා ඉවත්වීමෙන් උපරිම ප්‍රයෝජනය ලබාගත් යුද හමුදා පිල මිනිත්තු තුනක පමණ කාලයක් තුළ ගෝල දෙකක් සම්පූර්ණ කරමින් ලකුණු පුවරුව 14-14 ක් ලෙස සම කිරීමට සමත් විය.

වෙනුමෝසා පුටුවේ වාඩිවීමටත් පෙර ක්‍රියාත්මක වූ ධනුෂ්ක තල්වත්ත 16 වැනි මිනිත්තුවේදීම පොලිස් ගෝල සීමාව අක්‍රමණය කළේය. චමත් ප්‍රනාන්දු එය ගෝලයක් බවට ප්‍රවර්ථනය කිරීමත් සමඟ ලකුණු තත්ත්වය 14-7 ක් බවට පත්විය.

යුද හුමදා පිලේ ෆීජි ක්‍රීඩක තොමාසි රවොයුවොයු 18 වැනි මිනිත්තුවේදී දෙවැනි උත්සාහක දිනුම එකතු කළේය. චමත් ප්‍රනාන්දු එය ද ගෝලයක් බවට ප්‍රවර්ථනය කළේය.

ලකුණු පුවරුව 14-14 ක් ලෙස සම වීමෙන් පසුව තරගය වඩාත් උණුසුම් වූ අතර එහි ප්‍රතිඵලයෙන් මිනිත්තු 15 ක පමණ කාලයක් පන්දුව දෙපිලට දෝලනය විය.

තොමාසි රවොයුවොයු 36 වැනි මිනිත්තුවේදී තවත් උත්සාහක දිනුමක් සම්පූර්ණ කළ අතර අෂාන් බණ්ඩාර එය ගෝලයක් බවට ප්‍රවර්ථනය කිරීමෙන් යුද හමුදා පිල ලකුණු 21-14 ක් ලෙස පෙරමුණ පැමිණියේය.

පොලිස් පිලට පළමු අර්ධය අවසන් වීමට ඔන්න මෙන්න තිබියදී විහඟ පිවිතුරු උත්සාහක දිනුමක් සම්පූර්ණ කළේය. නලීන් කුමාර එහි ප්‍රවර්ථනය සාර්ථක කිඍීමත් සමඟ ලකුණු පුවරුව 21-21 ක් ලෙස සම වීමෙන් දෙවැනි අර්ධය තීරණාත්මක විය.

යුද හමුදා පිලේ සුදාරක දික්කුඹුර දෙවැනි අර්ධයේ 6 වැනි මිනිත්තුවේදී සිවුවැනි උත්සාහක දිනුම එකතු කිරීමත් සමඟ යුද හමුදාව ලකුණු 26-21 ක් ලෙස නැවතත් ඉදිරියට පැන්නේය.

පොලිස් පිලට 56 වැනි මිනිත්තුවේදී ධනුෂ්ක එදිරිසූරිය සම්පූර්ණ කළ උත්සාහක දිනුමෙන් ලකුණු පුවරුව 26-26 ක් ලෙස නැවතත් සමවිය.

තරගයේ අවසන් මිනිත්තු 10 තුළ යුද හමුදා ක්‍රීඩකයන් තිදෙනකු කහ කාඞ්පත් අවවාද ලබා පිටියෙන් ඉවත්වීම හේතුවෙන් එක් අවස්ථාවක යුද හමුදා පිල ක්‍රීඩකයන් 13 දෙනකුගෙන් ක්‍රීඩා කළේය. 

අදහස් (0)

පොලිස් - යුද හමුදා තරගයේ ලකුණු සමවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.