සමස්ත ලංකා වයස අවුරුදු 14 න් පහළ සත් සාමාජික රග්බි මයිලෝ කුසලාන තරගාවලියේ ශූරතාව පේරාදෙණිය සරසවි උයන මහ විදුහල් කී‍්‍රඩකයෝ දිනා ගැනිමට සමත් වූහ. පසුගිය 12-13 දෙදින රුවන්වැල්ල මහජන කී‍්‍රඩාංගණයේ පැවැති තරගාවලියට කී‍්‍රඩකයෝ 900 ක් පමණ සහභාගී වූහ.
වයස 14 න් පහළ කණ්ඩායම් 32 ක් සහභාගී වූ අතර සුහද තරග වශයෙන් පැවති වයස අවුරුදු 13 න් පහළ වසස් කාණ්ඩයට කණ්ඩායම් 44 ක් සහභාගී විය.
තරගාවලියේ ත්‍යාග ප‍්‍රදානොත්සවය සඳහා නෙස්ලේ ලංකා පුද්ගලික සමාගමේ සන්නම් කළමනාකරු රාජින්ද්‍ර විජේසිංහ, පාසල් සංගමයේ ලේකම් සුසන්ත මෙන්ඩිස්, භාණ්ඩාගාරික එන්. විජේරාම තරග ලේකම් කේ. එස්. පී. කරුණාරත්න යන මහත්වරු සහභාගී වූහ.
කුසලාන ශූරතාව - සරසවි උයන මහාවිද්‍යාලය (පේරාදෙණිය) (19/07)
කුසලාන අනු ශූරතාව - ඇහැලියගොඩ මධ්‍ය මහා විද්‍යාලය
පළඟ ශූරතාව - වෙලගෙදර මහා විද්‍යාලය (12/ 05)
පළඟ අනු ශූරතාව - දේවපතිරාජ මහා විද්‍යාලය (රත්ගම)
බඳුන ශූරතාව - තල්දුව බෞද්ධ මහා විද්‍යාලය (අවිස්සාවේල්ල) (21/ 07)
බඳුන අනු ශූරතාව - අශෝක විද්‍යාලය (කොළඹ)
පලිහ ශූරතාව - සහිරා විද්‍යාලය (කොළඹ) (19/12)
පලිහ අනු ශූරතාව - ඩඞ්ලි සේනානායක විද්‍යාලය (කොළඹ)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.