Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පාසල් ධාවන තරග 7 දා

පාසල් ධාවන තරග 7 දා

Nisanka Sandeepani - 2018 සැප් මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අධ්‍යාපන අමාත්‍යංශයේ ක්‍රීඩා අංශයේ සංවිධානයෙන් සහ නෙස්ටමෝල්ට් අනුග්‍රහයෙන් පවත්වන 2018 වසරේ සමස්ථ ලංකා පාසල් ක්‍රීඩා මාර්ග ධාවන තරගය අනිද්දා  (7)  පැලියාපිටියේදී පැවැත්වේ. 

මෙම මාර්ග ධාවක තරගය වයස අවුරුදු 15ත්  20ත් අතර ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා පමණක් විවෘත වන අතර තරගය කොටස් දෙකකින් සමන්විත වේ. 
ආධුනික තරගය කිලෝමීටර් 5ක් වන අතර සමස්ථ ලංකා පාසල් තරගය කිලෝමීටර් 15කි. 

මෙම තරග දෙකම කුලියාපිටිය කාර්මික විද්‍යාල අසලින් හෙට පස්වරු 4. 00 ට ආරම්භ වී එම ස්ථානයෙන්ම අවසන් සංවිධායකයෝ කටයුතු යොදා ඇත. 

කිලෝමීටර් 5 ආධුනික තරගය පැලියාපිටිය කාර්මික විද්‍යාල අසලින් ආරම්භ වී නාරම්මල මාර්ගයේ ගොස් ලයනල් ජයතිලක මාර්ගය ඔස්සේ  මඟ දුරක් ගොස් ආසපු හැරී නාරම්මල මාර්ගයට පිවිස නැවත කාර්මික විද්‍යාලය වෙත පිවිස අවසන් කෙරේ.

කිලෝ මීටර් 15 වන සමස්ත ලංකා පාසල් තරගය කුලියාපිටිය කාර්මික විද්‍යාලය අසලින් ආරම්භ වී මාදම්පේ  මාර්ගය ඔස්සේ ගොස් උඩ බද්දාවේ නාත්තණ්ඩියට පිවිසෙන මංසන්ධිය අසලින් ආපසු හැරී පැමිණි මාර්ගයේම පැමිණ කාර්මික විද්‍යාලය වෙත පිවිසි අවසන් කෙරේ.

නෙස්ටමෝල්ට් අනුග්‍රහයෙන් වසර 30කට ආසන්න කාලයක් පැවැත්වෙන මෙම මාර්ගධාවන තරගාවලිය සඳහා මෙවර පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 5000කට ආසන්න පිරිසක් සහභාගී වීමට නියමිත බව ක්‍රීඩා උපදේශක සුනිල් ජයවීර මහතා පැවසීය.

මෙම තරගාවලියේ පළාත් සම්බන්ධීකරණ කටයුතු වයඹ පළාත් අධ්‍යක්ෂක ඒ.එස්.කේ ජයලත් මහතාගේ මෙහෙයවීමෙන් සිදු කෙරේ. තරග අධ්‍යක්ෂක ලෙස කර්නල් මංජුල කාරියවසම්, තරග මෙහෙයුම් අධ්‍යක්ෂක ලෙස අතුල විජේවර්ධන, තරග කළමණාකරු ලෙස ප්‍රවීණ මලල ක්‍රීඩිකා ශ්‍රියානි කුලවංශ, තරග ලේකම් ලෙස හේමන්ත ඉලංගකෝන් මහත්ම මහත්මීහු කටයුතු කරති.

නෙස්ටමෝල්ට් මාර්ග ධාවක තරගාවලිය සඳහා වූ අනුග්‍රාහක චෙක්පත නෙස්ලේ ලංකා සමාගමේ උප සභාපති බන්දුල එගොඩගේ මහතා අතින් තරගතාවලියේ මාර්ග ආරක්ෂාව පිළිබඳ කටයුතු සම්බන්ධීකරණය කරන කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත් මහතාට බාරදීම මෙම හමුවේදී සිදු කෙරිණ.

මේ අවස්ථාවට වයඹ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක ඒ. එස්.කේ. ජයලත්, තරග අධ්‍යක්ෂක කර්නල් මංජුල කාරියවසම්, කුලියාපිටිය නගරසභාවේ සභාපති ලක්ෂ්මන් අධිකාරී, කුලියාපියටිය කොට්ඨාස පොලිස් අධිකාරී ඕෂධ හේවාවිතාරණ, නෙස්ලේ ලංකා සමාගමේ ප්‍රාදේශීය කළමණාකර මංජුල නාරංගොඩ මහත්වරුද සහභාගී වූහ.

අනුග්‍රාහක චෙක්පත නෙස්ලේ ලංකා සමාගමේ උප සභාපති බන්දුල එගොඩගේ මහතා අතින් තරගතාවලියේ මාර්ග ආරක්ෂාව පිළිබඳ කටයුතු සම්බන්ධීකරණය කරන කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත් මහතාට  පිරිනැමූ අවස්ථාව

 


 


අදහස් (0)

පාසල් ධාවන තරග 7 දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.