Last Update  :  2026-01-19 17:43:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ප්‍රවේශපත් කවුළු අඟහරුවාදා සිට විවෘතයි

ප්‍රවේශපත් කවුළු අඟහරුවාදා සිට විවෘතයි

දමින්ද විජේසූරිය - 2026 ජන මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේදී පැවැත්වෙන තරග සඳහා ප්‍රවේශපත් ලබාගත හැකි කවුළු අඟහරුවාදා (20 වැනිදා) සිට විවෘත කෙරෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. 

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන එක්දින තරග 3 කින් සමන්විත තරගාවලිය මේ මස 22 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. දෙපිල අතර විස්සයි-20 තරග 3 කින් සමන්විත තරගාවලිය මේ මස 30 වැනිදා සිට පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයේ පිහිටි ප්‍රවේශපත් කවුළුව දිනපතාම පෙරවරු 9.30 සිට පස්වරු 5.00 දක්වා විවෘතව පවතී. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ප්‍රවේශපත් කවුළුව තරග පැවැත්වෙන දිනවල පමණක් පෙරවරු 9.30 සිට පස්වරු 5.00 දක්වා විවෘතව පවතී. 

කෙසේ වෙතත් ඕනෑම අවස්ථාවකදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල වෙබ් අඩවිය වන www.srilankacricket.lk වෙත පිවිසීමෙන් ප්‍රවේශපත් ලබාගත හැකිය. 


අදහස් (0)

ප්‍රවේශපත් කවුළු අඟහරුවාදා සිට විවෘතයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.