(මතුගම බන්දු තඹවිට)
මතුගම ශාන්ත මේරි මහා විදුහල හා ආනන්ද ශාස්ත්‍රාලය අතර පැවැත්වෙන පස්දුන් කෝරළේ සටන නමින් විරුදාවලිය ලත් වාර්ෂික මහා ක්‍රිකට් තරඟය 61 වන වරටත් මෙම 13 සහ 14 යන දිනවලදී මතුගම මහජන ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.
1963 වර්ෂයේදී මෙම විදුහල් දෙක අතර ප්‍රථම මහා ක්‍රිකට් තරඟය පවත්වා ඇති අතර එම තරඟයේ දී වින්සන්ට් ධර්මදාස විසින් ශාන්ත මේරි කණ්ඩායමත් ,එන්.ඩබ්ලිව්.ජෝන් විසින් ආනන්ද ශාස්ත්‍රාලීය කණ්ඩායමත් මෙහෙයවා ඇත.
මෙම දෙවිදුහල් අතර මේ දක්වා පැවති තරඟ 60 දී ශාන්ත මේරි විදුහල තරඟ 12 ක්ද , ආනන්ද ශාස්ත්‍රාලය තරඟ 02 ක් ද ,ජයග්‍රහණය කර ඇති අතර අනෙකුත් තරඟ ජය පැරදුමෙන් තොරව අවසන්වී ඇත. අවසන් වරට ශාන්ත මේරි විදුහල් කණ්ඩායම 2010 වසරේදී චානක දුෂ්මන්තගේ නායකත්වයෙන් ජයග්‍රහණය ලබා ඇති අතර ආනන්ද ශාස්ත්‍රාලය අවසන් වරට ජයග්‍රහණය කර ඇත්තේ 1976 වර්ෂයේ අනුර ජයසිංහගේ නායකත්වයෙනි.
මෙවර ශාන්ත මේරි පිලේ නායකයා ලෙස අචින්ත ශානුක ද ආනන්ද ශාස්ත්‍රාලීය පිලේ නායකයා ලෙස පහන් තුලක්ෂින ද කටයුතු කරති. ශාන්ත මේරි පිලේ උප නායක ලෙස හිරුක දෙව්නෝද් ද ආනන්ද ශාස්ත්‍රාලීය පිලේ උප නායක ලෙස දෙසදු චන්රුක ද තම කණ්ඩායම් වලට ශක්තිය ලබාදේ.
මෙවර තරඟවාරයේදී ශාන්ත මේරි කණ්ඩායමේ පිතිකරුවන් ලෙස අචින්ත ෂානුක, උවිඳු හන්සනෙත්, ජනිත් සේනිය ,හිරුක දෙව්නෝද් වැඩි දක්ෂතා දැක්වූහ. හිරුෂ පැතුම්, සන්රුක් පැහැසර, උදිත් ඉඳුවර පන්දුවෙන් දක්ෂතා දැක්වූහ. අචින්ත ශානුක, සෙනිත් යෙෂාන්, නේශාන් සස්මිත, විශ්ව විද්යුත් සහ ගයිදු නෙතුජ තුන් ඉරියව්වෙන්ම බලාපොරොත්තු තැබිය හැකි ක්‍රීඩකයෝ වෙති.
ආනන්ද ශාස්ත්‍රාලීය කණ්ඩායම මෙම ක්‍රිකට් වාරයේ තරඟ 9 ක් ක්‍රීඩා කර පළමු ඉණිමේ ජයග්‍රහණ දෙකක් ලබාගත් අතර තරඟ 5 ක් ජය පරාජයෙන් තොරව අවසන් විය.
ආනන්ද කණ්ඩායමේ මෙතුල් මධුජිත්, සෙනීෂ චමෝද්, නායක පහන් තුලක්ෂිත සහ උප නායක දෙසඳූ චන්රුක පිත්තෙන් සහ පන්දුවෙන් දක්ෂතා දැක්වූවෝ වෙති.

ශාන්ත මේරි කණ්ඩායම.
(ඉදිරිපෙළ වමේ සිට)
දුමිඳු ගිගිරිපුර (සහය පුහුණුකරු), අචින්ත ශානුක (නායක), සජිත් අමුගොඩ (ප්‍රධාන පුහුණුකරු), කේ.රවිචන්ද්‍රන් (විදුහල්පති ), චමරී මුණසිංහ (නියෝජ්‍ය විදුහල්පතිනි), අරුණ ගමගේ (ක්‍රිකට් භාර ආචාර්ය )හිරුක දෙව්නෝද් (උප නායක) සහ කොවිඳු වික්‍රමසිංහ (සහය පුහුණුකරු ).
(පසුපෙළ වමේ සිට)
යෙතුම් දින්සර, නයන ආකාශ් , හිරුෂ පැතුම්, විශ්ව විද්යුත්, උවිඳු හන්සනෙත්, සුනාත් සත්තිදු , උදිත් ඉඳුවර , සන්රුක පැහැසර , නේශාන් සස්මිත , ජනිත් සේනිය , ගයිදු නෙතුජ , සෙනිත් යෙෂාන් , රෝචන කරුපති .

ආනන්ද ශාස්ත්‍රාලීය කණ්ඩායම.
(ඉදිරිපෙළ වමේ සිට)
පහන් තුලක්ෂිත (නායක ), කවිඳු දෙව්මිණ (සහය පුහුණුකරු) ,චානක ඉහලහේවා (ක්‍රිකට් භාර ආචාර්ය ), රන්ඳුන් ජයලත් (විදුහල්පති ), චානක මිලින්ද (ප්‍රධාන පුහුණුකරු ), දෙසඳූ චන්රුක (උප නායක ).
(මැදපෙළ වමේ සිට)
අමිරු මුණසිංහ , මෙතුල් මධුජිත් , තිනුර නිම්සර , සිනෙත් දම්සස් ,සංදීප මුණසිංහ ,ඉමේත් සන්ජිත , සෙනදු දම්සිත් .
(පසුපෙළ වමේ සිට)
කවීන් තුල්හාන් , බිනුල් මන්තිල , විබුද්ධි තිරනිඳු , විහඟ සංදීප , සෙනීෂ චමෝද් , මොහන්ය චන්ද්‍රසේකර , මලිඳු හංසක.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.