Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ආසියානු ප‍්‍රධානතම රටවල් පහ අතර පැවත්වෙන රග්බි තරගාවලියේ දකුණු කොරියාවේ ඉංචියෝන්හිදී පැවැති පළමු තරගයේදී ලකුණු 59-03 ක් ලෙස දකුණු කොරියාව හමුවේ පරාජයට පත්වූ ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ ක‍්‍රීඩකයන් පෙරේදා (28) ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණයකට සහභාගි වූ බව වාර්තා වේ.
මෙම තරගයේදී ශ්‍රී ලංකා පිල දඩුවම් පහරක් පමණක් සාර්ථක කරගත් අතර එහිදී ශ්‍රී ලංකා පිලේ දස්කම් ඉතාමත් අඩු මට්ටමක පැවැති බව වාර්තා වේ.
මෙම කණ්ඩායමට ශ්‍රී ලංකාවේ ප‍්‍රබල ක‍්‍රීඩකයන් කීප දෙනකු ඇතුළත් නොකළ බවට සහ ආරක්‍ෂක අංශයකට සම්බන්ධ කණ්ඩායමක ක‍්‍රීඩකයන්ට වැඩි අවස්ථාවක් ලැබුණු බවටද චෝදනා එල්ල විය. තවද පළමු සංචිතයට ඇතුළත් නොවූ නමුත් ආරක්‍ෂක අංශයකට සම්බන්ධ අයකුගේ පුතාද මෙම සංචාරයට සහභාගි වූ බව වාර්තා විය.
ශ්‍රී ලංකාවේ දක්‍ෂතම රග්බි ක‍්‍රීඩකයකු ලෙස සැළකෙන ෆාසීල් මරීජා මෙම සංචිතයට ඇතුළත් නොවූ අතර පසුව ඔහු සංචිතයෙන් පිටත ක‍්‍රීඩකයකු ලෙස සංචාරයට පිටත්කර හැරියේය. එහෙත් ඔහු කොරියානු පිලට එරෙහිව පැවැති තරගයට සහභාගි නොවූ බවද වාර්තා වේ.
048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.