Last Update  :  2025-05-13 15:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ධර්මරාජ පිල තරගයෙන් ඉවත්වෙයි

ධර්මරාජ පිල තරගයෙන් ඉවත්වෙයි

සංජය එරමුදුගොඩ - 2014 මැයි මස 11 {{hitsCtrl.values.hits}} Views 7 Comment
A A A

පාසල් රග්බි සංගමය මෙහෙයවන අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු වැනි කොටසේ පස්වැනි සතිය යටතේ ගල්කිස්ස විද්‍යා විද්‍යාලයට එරෙහිව ඊයේ (10) ගල්කිස්සේ පැවැත්වීමට නියමිතව තිබූ තරගයට මහනුවර ධර්මරාජ විදුහලේ ලියාපදිංචි නොවූ ක‍්‍රීඩකයන් තිදෙනකුට ක‍්‍රීඩා කිරීමට නොදුන්නේ යැයි කියන සිද්ධියක් හේතුවෙන් එම විදුහලට තරගයට සහභාගි නොවීය.

මෙහිදී එම විදුහලේ රග්බි කණ්ඩායම් බාර ආචාර්යවරයා ලියාපදිංචි නොවූ ක‍්‍රීඩකයන්ට අවස්ථාව නොදීම හේතුවෙන් නැවත පිටත්ව ගිය බව වාර්තා වේ.

තරගය ආරම්භ වීමට පෙර ක‍්‍රීඩකයන්ගේ ලියාපදිංචිය පරීක්‍ෂා කරන අවස්ථාවේදී ධර්මරාජ විදුහලේ කණ්ඩායම් බාර ආචාර්යවරයාගෙන් ඊට අදාල ලේඛණ ඉල්ලා සිටි විට එම විදුහලේ රග්බි කණ්ඩායම් බාර ආචාර්යවරයා අදාළ ලියකියවිලි දීම ප‍්‍රතික්‍ෂේප කර ඇති අතර එහිදී දැනගන්නට ලැබී ඇත්තේ ලියාපදිංචි නොවූ ක‍්‍රීඩකයන් තිදෙනකු සංචිතයට ඇතුළත්කර ඇති බවයි.

පාසල් සංගමයේ නිලධාරීන් දැනුම් දී ඇත්තේ එම ක‍්‍රීඩකයන් තිදෙනා ඉවත් කර ලියාපදිංචි කළ ක‍්‍රීඩකයන් 22 දෙදෙනාගෙන් තරගයට සහභාගි විය යුතු බවයි.
වෙනත් පාසලකින් මෑතකදී එම පාසලට ඇතුළත්කර ඇතැයි කියන මෙම ක‍්‍රීඩකයන් ලියාපදිංචි කරන ලෙස මීට පෙර අවස්ථා කීපයකදී පාසල් රග්බි සංගමය ආදාල ගුරුවරයාට දන්වා ඇතත් ඔහු ඒ පිළිබඳව කිසිදු අවධානයක් යොමු කර නොමැති බව ද වාර්තා වේ.

ලියාපදිංචි නොවූ මෙම ක‍්‍රීඩකයන් තිදෙනා සිවුවැනි සතියේදී ශාන්ත පීතර විදුහලට එරෙහිව පැවැති තරගයේදී ක‍්‍රීඩා කර ඇති බව ද පාසල් රග්බි සංගමය හෙළිකරගෙන තිබේ.

මේ පිළිබඳව ‘ලංකාදීප’ කළ විමසුමකදී පාසල් සංගමයේ නිලධාරියකු පැවසුවේ තරගාවලි නීති රීති උල්ලඝණය කිරීමට අවස්ථාව දිය නොහැකි බවත් මේ පිළිබඳව පරීක්‍ෂණයක් පවත්වා විනය පියවර ගැනීමට නියමිතය බවත්ය.

”ධර්මරාජ විදුහල් පිලට වෙනත් පාසලක ක‍්‍රීඩකයන් ඇතුළත්කර ඇති බවට පැමිණිල්ලක් ලැබී තිබුණා. ඒ නිසා අපි මෙම සිද්ධියට සම්බන්ධ වූ ගුරුවරයාට අවස්ථා කීපයක් කථා කර දැනුම් දුන්නා ඔවුන් ලියාපදිංචි කරන්න කියලා. නමුත් ඔහු එය කළේ නෑ”

”මේ ගුරුවරයා ක‍්‍රීඩකයන්ගේ ලේඛණ පරීක්‍ෂා කරනවට කැමති වුණේ නෑ. ඒ නිසා අපි ලියාපදිචි ලේඛණය ඉල්ලා සිටියා. එවිට එය ගෙනාවෙ නෑ කිව්වා. ඉතිරි ක‍්‍රීඩකයන් 22 දෙදෙනාගෙන් ක‍්‍රීඩා කරන්න බෑ කියලා ගියා” යැයි එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.

මෙම තරගය නැරඹීමට ප‍්‍රවේශපත් මිලදී ගෙන පේ‍්‍රක්‍ෂකයන් 1000 කට වැඩි සංඛ්‍යාවක් පැමිණ සිටි අතර ධර්මරාජ විදුහල තරගයෙන් ඉවත්වීමෙන් සංවිධායකයෝ දැඩි අපහසුතාවට පත්වූ බවද වාර්තා වේ.

 


අදහස් (7)

ධර්මරාජ පිල තරගයෙන් ඉවත්වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.