Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දිනේෂ්කාන්තන් - අනීකා මිශ්‍ර යුගල ශූරතාව දිනති

දිනේෂ්කාන්තන් - අනීකා මිශ්‍ර යුගල ශූරතාව දිනති

Nisanka Sandeepani - 2018 සැප් මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ටෙනිස් සංගමය සංවිධානය කළ 103 වැනි ජාතික ටෙනිස් ශූරතාවලියේ විවෘත මිශ්‍ර යුගල ඉසව්වේ ශූරතාව දිනාගැනීමට දිනේෂ්කාන්තන් තංගරාජා සහ අනීකා සෙනෙවිරත්න අද (2 වැනිදා) සමත් වූහ. අවසන් මහ තරගයේදී හීරා අෂික් සහ ජනලි මනම්පේරි හමුවේ නිතරග ජයක් ලබමින්  දිනේෂ්කාන්තන් සහ අනීකා එම ශූරතාවට හිමිකම් කීහ. 

ඔවුන් දෙදෙනා පිට පිටම ජාතික ටෙනිස් ශූරතාවලියේ විවෘත මිශ්‍ර යුගල ඉසව්වේ ශූරතාව දිනාගත් තෙවැනි අවස්ථාව මෙය වන අතර මින් පෙර ඔවුන් 2016 සහ 2017 යන වසර වලදීද එම ශූරතාවට හිමිකම් කියා තිබිණ. 

ඒෂාන් ජයමාන්න සහ රුක්ෂිකා විජේසූරියට එරෙහිව පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී වට 2-0 ක (6/2, 6/1) ජයක් වාර්තා කරමින් දිනේෂ්කාන්තන් සහ අනීකා අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්හ. හීරා සහ ජනලි අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී වට 2-1 ක් (6/1, 6/7, 12/10) ලෙස දේල්වර් හුසේන් සහ ඔෂිනි හේරත් පරාජය කරමිනි. 

අවසන් මහ තරගය 
හීරා ආෂික් සහ ජනලි මනම්පේරි හමුවේ දිනේෂ්කාන්තන් තංගරාජාට සහ අනීකා සෙනෙවිරත්නට නිතරග ජයක්. 

අවසන් පූර්ව වටය 
දිනේෂ්කාන්තන් තංගරාජා සහ අනීකා සෙනෙවිරත්න විසින් තරග වට 2-0 ක් ලෙස ඒෂාන් ජයමාන්න සහ රුක්ෂිකා විජේසූරිය පරාජය කරන ලදහ. (6/2, 6/1) 
හීරා ආෂික් සහ ජනාලි මනම්පේරි විසින් තරග වට 2-1 ක් ලෙස දේල්වර් හුසේන් සහ ඔෂිනි හේරත් පරාජය කරන ලදහ. (6/1, 6/7, 12/10)
 

 


අදහස් (0)

දිනේෂ්කාන්තන් - අනීකා මිශ්‍ර යුගල ශූරතාව දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.