ශ්‍රී ලංකා ටෙනිස් සංගමය සංවිධානය කරන 103 වැනි ජාතික ටෙනිස් ශූරතාවලියේ විවෘත මිශ්‍ර යුගල අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට දිනේෂ්කාන්තන් තංගරාජා සමගින් අනීකා සෙනෙවිරත්නද, හීරා ආෂික් සමගින් ජනාලි මනම්පේරිද සමත්ව සිටිති.
ඒෂාන් ජයමාන්න සහ රුක්ෂිකා විජේසූරියට එරෙහිව පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී වට 2-0 ක (6/2, 6/1) ජයක් වාර්තා කරමින් දිනේෂ් සහ අනීකා අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්හ.
හීරා සහ ජනාලි අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී වට 2-1 ක් (6/1, 6/7, 12/10) ලෙස දේල්වර් හුසේන් සහ ඔෂිනි හේරත් පරාජය කරමිනි.
අවසන් පූර්ව වටයේ ප්‍රතිඵල
දිනේෂ්කාන්තන් තංගරාජා සහ අනීකා සෙනෙවිරත්න විසින් තරග වට 2-0 ක් ලෙස ඒෂාන් ජයමාන්න සහ රුක්ෂිකා විජේසූරිය පරාජය කරන ලදහ. (6/2, 6/1)
හීරා ආෂික් සහ ජනාලි මනම්පේරි විසින් තරග වට 2-1 ක් ලෙස දේල්වර් හුසේන් සහ ඔෂිනි හේරත් පරාජය කරන ලදහ. (6/1, 6/7, 12/10)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.