
ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර දෙවැනි විස්සයි-20 තරගය සඳහා ප්‍රවේශපත් මිලදී ගත් ක්‍රිකට් ලෝලීන්ට රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී හෙට (11 වැනිදා) පැවැත්වෙන තුන්වැනි විස්සයි-20 තරගය සඳහා නොමිළේ ප්‍රවේශපත් නිකුත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. දෙවැනි විස්සයි-20 තරගය අතහැර දැමීමට සිදුවීම හේතුවෙන්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම තීරණය ගෙන තිබේ.
දෙවැනි තරගය සඳහා මිලදීගත් ප්‍රවේශපත් ඉදිරිපත් කිරීමෙන් ඒ වෙනුවට නිකුත් කරනු ලබන හිලව් ප්‍රවේශපත්‍ර ඉරිදා උදෑසන 9.00 සිට රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේ පිහිටි ප්‍රවේශපත් කවුළුවෙන් ලබාගත හැකිය. රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේ ප්‍රවේශපත් කවුළුව පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා විවෘතව පවතී.
තුන්වැනි විස්සයි-20 තරගය ඉරිදා පස්වරු 7.00 ට ආරම්භ වීමට නියමිතය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.