
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන ‘ජනාධිපති කුසලාන’ අන්තර් පාසල් පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ පෙර අර්ධ අවසන් පූර්ව වටය යටතේ බදාදා (11 වැනිදා) පැවැති තරගයකදී ලකුණු 38-08 ක් ලෙස කොළඹ තර්ස්ටන් විදුහල පරාජය කිරීමට මහනුවර ත්‍රිත්ව විදුහල සමත් විය.
කොළඹ සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ පළමු අර්ධය නිමාවට පත් වන විට ත්‍රිත්ව විදුහල ලකුණු 38-00 ක් ලෙස පෙරමුණ ගත්තේය. එහිදී ගෝල දිනුම් 4 ක් සහ උත්සාහක දිනුම් 2 ක් මගින් ලකුණු ලබාගත් ත්‍රිත්ව ක්‍රීඩකයෝ, තර්ස්ටන් ක්‍රීඩකයන්ට එකදු ලකුණක් හෝ ලබාගැනීමට අවස්ථාවක් ලබා නොදුන්හ.
දෙවැනි අර්ධ අර්ධයේදී ත්‍රිත්ව ක්‍රීඩකයන්ට ලකුණු ලබාගැනීමට නොහැකි වූ අතර තර්ස්ටන් ක්‍රීඩකයෝ උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක් සමග ලකුණු 8 ක් රැස්කළහ. කෙසේ වුවත් පළමු අර්ධය අවසානයේ පැවැති ලකුණු පරතරය අනුව නියමිත කාලය නිමාවට පත්වන විට ලකුණු 30 කින් තර්ස්ටන් විදුහල පරාජය කිරීමට ත්‍රිත්ව ක්‍රීඩකයෝ සමත් වූහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.