Last Update  :  2025-12-04 21:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ත්‍රිත්ව - ශා. පීතර ජය ලබති

ත්‍රිත්ව - ශා. පීතර ජය ලබති

සංජය එරමුදුගොඩ - 2017 පෙබ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ (2017) පළමු කොටසේ තරග ආරම්භ කරමින් අද (24) කොළඹදී පැවැති තරගවලදී මහනුවර ත්‍රිත්ව විදුහල සහ බම්බලපිටිය ශාන්ත පීතර විදුහල ජයග්‍රහණ ලැබීය.

ලොන්ඩන් පෙදෙස සී. ආර්. පිටියේදී පැවැති තරගයේදී ත්‍රිත්ව විදුහල් ක්‍රීඩකයෝ ලකුණු 64-24 කින් වෙස්ලි විදුහල පරාජය කිරීමට සමත් වූහ. ත්‍රිත්ව විදුහල ගෝල 7 කින් සහ උත්සාහක දිනුම් 3 කින් ලකුණු ලැබූ අතර වෙස්ලි විදුහලට ගෝල 2 කින් සහ උත්සාහක දිනුම් 2 කින් ලකුණු එකතු විය.

ශාන්ත පීතර විදුහල සහ කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල අතර බම්බලපිටියේදී පැවැති තරගයෙන් ශාන්ත පීතර විදුහල් පිල ලකුණු 27-25 ක තියුණු ජයක් ලැබීය. ශාන්ත පීතර විදුහල පළමු අර්ධයේදී ලකුණු 24-15 ක් ලෙස පෙරමුණ ගත්තේය.  

ශාන්ත පීතර විදුහල ගෝල 3 කින් සහ දඬුවම් පහර 2 කින් ලකුණු එකතු කර ගත්තේය. ශාන්ත අන්තෝනි විදුහල ගෝල 2 කින්, උත්සාහක දිනුමකින් සහ දඬුවම් පහර 2 කින් ලකුණු රැස් කළේය.


අදහස් (0)

ත්‍රිත්ව - ශා. පීතර ජය ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.