Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ රාජකීය විදුහල සහ මහනුවර ත‍්‍රිත්ව විදුහල අනිද්දා (10) කොළඹදී පැවැත්වෙන ‘බ‍්‍රැඞ්බි පළිහ’ රග්බි තරගයේ පළමු අදියර තරගය සඳහා විනිසුරුවන් පත්කිරීම පිළිබඳව ඇතිවී තිබෙන ගැටලූකාරී තත්ත්වය හේතුවෙන් රග්බි විනිසුරුවන්ගේ සංගමයේ විනිසුරුවන් පැවරුම් කමිටුවේ සිටි ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨතම රග්බි විනිසුරුවකු මෙන්ම පරිපාලන නිලධාරියකුද වූ ඩිල්රෝයි ප‍්‍රනාන්දු මහතා ඉල්ලා අස්වී ඇති බව වාර්තාවේ.
මේ අතර බ‍්‍රැඞ්බි තරගය සඳහා මේ වන විට නම් කර ඇතැයි කියන විනිසුරුවරයාට විරෝධය දක්වමින් රාජකීය විදුහල අද (08) සවස විනිසුරු සංගමයට ලිපියක් යොමු කළ බව ද දැනගන්නට තිබේ.
විනිසුරුවන් පැවරුම් කමිටුව සති කීපයක සිටම කමිටු රැුස්වීම් සඳහා ඩිල්රෝයි ප‍්‍රනාන්දු මහතාට දැනුම්දී නොමැති බවත් ‘බ‍්‍රැඞ්බි’ තරගයට විනිසුරුවරුන් පත්කිරීමේ රැස්වීමට පාසල් සංගමය නියෝජනය කරන නිලධාරියා කැඳවා නොමැති බවත් දැනගන්නට තිබේ.
මේ වන විට උද්ගතවී ඇති තත්ත්වය අනුව ශ්‍රී ලංකා රග්බි විනිසුරුවන්ගේ සංගමය කොටස් තුනකට බෙදී ඇති බවද තතු දන්නෝ පවසති.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.