ශ්‍රී ලංකා වුෂූ සම්මේලනය සංවිධානය කරන 16 වැනි ජාතික වුෂූ තරගාවලිය සඳහා අයැදුම්පත් කැඳවීම මේ වන විට ආරම්භ කර තිබේ. තරගාවලිය ඔක්තෝබර් මස 1 වැනිදා සිට 4 වැනිදා දක්වා කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
මෙම තරගාවලියේදී තාඔලු (නර්තන ශෛලිය) හා සන්දා (ද්වන්ධ සටන්) යන අංශ දෙකෙන්ම තරග ඉසව් පැවැත්වේ.
නොවැම්බර් මස 28 වැනිදා සිට 30 වැනිදා දක්වා චීනයේ නැංජින් නුවරදී පැවැත්වීමට නියමිත පළමු ආසියානු සාම්ප්‍රදායික වුෂූ (කුංග්-ෆු) තරගාවලියට ක්‍රීඩකයන් තෝරා ගැනීම සඳහා මෙවර තරගාවලියට සාම්ප්‍රදායික වුෂූද අතුළත් කර තිබේ.
එහිදී තාඹලු අංශයේ ඉසව් දුෂ්කර අභ්‍යාස සහිතව පැවැත්වෙන අතර සන්දා අංශයේ පිරිමි තරග බර පංති 11 ක් (කි. ග්‍රෑ. 48, 52, 56, 60, 65, 70, 75, 80, 85, 90, 90+) යටතේද, කාන්තා තරග බර පංති 7 ක් (කි. ග්‍රෑ. 48, 52, 56, 60, 65, 70, 75) යටතේද පැවැත්වේ. එම සියලුම තරග අන්තර් ජාතික වුෂූ සම්මේලනය හඳුන්වාදුන් නව නීති රීත්වලට අනුව පැවැත්වේ.
තරගාවලියේ සමාරම්භක උත්සවය ඔක්තෝබර් මස 2 වැනිදා පෙරවරු 10.00 ට පළාත් පාලන, පළාත් සභා සහ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර ඊට චීන සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපති චෙන් ෂුයුවාන් මහතාද ආරාධිතයකු ලෙස සහභාගි වීමට නියමිතය.
තරගාවලියට සහභාගීවීමට අවශ්‍ය තරගකරුවන් ‘ප්‍රධාන විධායක නිලධාරී, රුචිර බෝධිනාගොඩ මහතා, ශ්‍රී ලංකා වුෂූ සම්මේලනය, 63 ඒ, එපිටමුල්ල පාර, පිටකොට්ටේ, කෝට්ටේ යන ලිපිනයට අයදුම්පත් යොමු කළ යුතුය. අයැදුම්පත් භාරගැනීම මේ මස 25 වැනිදායින් අවසන් වේ.
තරගාවලිය පිළිබඳ වැඩිදුර තොරතුරු 072-5319440 යන දුරකථන අංකය ඔස්සේ වුෂූ සම්මේලනයේ ප්‍රධාන විධායක නිලධාරී රුචිර බෝධිනාගොඩ මහතා ඇමතීමෙන් දැනගත හැකිය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.