Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
විජය පුවත්පත් සමාගමේ සති අන්ත ඉංග්‍රීසි පුවත්පත වන ‘ද සන්ඬේ ටයිම්ස්’ පුවත්පත සහ ‘සිංගර්’ ශ්‍රී ලංකා සමාගම එක්ව පළමු වරට මෙහෙයවූ ‘සිංගර් - සන්ඬේ ටයිම්ස්’ වසරේ ජනප්‍රියම පාසල් රග්බි ක්‍රීඩකයා තේරීමේ තරගයේ ශූරතාව ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලේ අබීඞ් කාදර් දිනාගැනීමට සමත් විය. කොළඹ ආනන්ද විදුහලේ සසිඳු රත්නවීරට අනු ශූරතාව හිමිවිය.
ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල ජනප්‍රියම පාසල් රග්බි කණ්ඩායම තේරීමේ තරගයේ ශූරතාව දිනාගත් අතර කොළඹ ආනන්ද විදුහලට අනු ශූරතාව හිමිවිය.
අබීඞ් කාදර් තරගයේ අවසන් සතියේ කූපන් ගණනය අවසානයේ ඡන්ද 17693 ක් ලබා වැඩි ඡන්ද 12750 කින් පළමු ස්ථානය ලැබීය. දෙවැනි ස්ථානයට පත්වූ සසිඳු රත්නවීර ඡන්ද 4943 ක් ලබා සිටියේය.
සාන්ත තෝමස් විදුහල ඡන්ද 17711 ක් ලබා වැඩි ඡන්ද 12723 කින් ජනප්‍රියම රග්බි කණ්ඩායම බවට පත්විය. ආනන්ද විදුහල ඡන්ද 4988 ක් ලබා ගත්තේය.
සති 12 ක් පමණ පළමු ස්ථානය රැකගෙන සිටි වෙස්ලි විදුහලේ අවිෂ්ක ලී ඡන්ද 4055 ක් ලබා තෙවැනි ස්ථානයට පත්විය. වෙස්ලි විදුහල ඡන්ද 4052 ක් ලබා ජනප්‍රියම කණ්ඩායම් තරගයේ තෙවැනි ස්ථානය ලැබීය.
ප්‍රතිඵල ලේඛණය | |
ජනප්‍රියම ක්‍රීඩකයා | |
ක්‍රීඩකයා | ඡන්ද |
අබීඞ් කාදර් (සාන්ත තෝමස් විදුහල) | 17693 |
සසිඳු රත්නවීර (කොළඹ ආනන්ද විදුහල) | 4943 |
අවිෂ්ක ලී (බොරැල්ල වෙස්ලි විදුහල) | 4055 |
කසුන් අමරසිංහ (කොළඹ නාලන්දා) | 3693 |
සුමුදු රන්කොත්ගේ (ඉසිපතන විදුහල) | 635 |
ඔවින් ඇස්කි (කොළඹ රාජකීය විදුහල) | 436 |
ශිවොන් ග්‍රෙගරි (කොළඹ ශාන්ත ජෝශප්) | 320 |
චමෝද් ප්‍රනාන්දු (ඉසිපතන විදුහල) | 243 |
යුස්රාන් ලන්ත්‍රා (මරදාන සහිරා විදුහල) | 223 |
ප්‍රවීන් රණසිංහ (ශාන්ත ඇලෝසියස් විදුහල) | 193 |
ජනප්‍රියම පාසල | |
පාසල | ඡන්ද |
සාන්ත තෝමස් විදුහල | 17711 |
ආනන්ද විදුහල | 4988 |
වෙස්ලි විදුහල | 4052 |
කොළඹ නාලන්දා විදුහල | 3693 |
ඉසිපතන විදුහල | 871 |
කොළඹ රාජකීය විදුහල | 632 |
කොළඹ ශා. ජෝශප් විදුහල | 363 |
මරදාන සහිරා විදුහල | 225 |
කූපන් යොමු කළ ජයග්‍රාහකයෝ:
1. ගයාන් ජිනදාස, නො. 20, දඹහින්න පාර, මහරගම
2. කේ. එම්. අයි. සමරකෝන්, ගම්පහ පාර, ගෙලිඔය
3. ලාල් ද අල්විස්, නො. 104/5 බී, ටෙම්ප්ලස් පාර, ගල්කිස්ස
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.