Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ගයන්තිකා මීටර් 800 අවසන් තරගයට

ගයන්තිකා මීටර් 800 අවසන් තරගයට

සංජය එරමුදුගොඩ - 2018 අගෝ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී පැවැත්වෙන 18 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 800 ඉසව්වේ කාන්තා අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකාවේ ගයන්තිකා අබේරත්න අද (27 වැනිදා) සමත් වූවාය.

ඇය අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ මූලික වටයේදී විනාඩි 2:06.31 ක කාලයක් වාර්තා කරමිනි. මූලික වටයේ තෙවැනි තරගයට සහභාගි වූ ගයන්තිකා එහි තෙවැනි ස්ථායට පත් වූවාය.

මීටර් 800 ඉසව්වේ ඉසව්වේ මූලික වටයට සහභාගි වූ තවත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක වන නිමාලි ලියනආරච්චිට එම ඉසව්වේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට නොහැකි වූවාය. මූලික වටයේ පළමු තරගයට සහභාගි වූ නිමාලි එම තරගය නිමා කළේ විනාඩි 2:06.74 ක කාලයක් වාර්තා කරමිනි.  

මීටර් 800 ඉසව්වේ මූලික වටයට සහභාගි වූ ක්‍රීඩකයන් 20 දෙනාගේ තරග නිමි කාලයන්ට අනුව ගයන්තිකා 6 වැනි ස්ථානයටද, නිමාලි 7 වැනි ස්ථානයටද පත්වූහ.

ශ්‍රී ලංකාවේ ඉඳුනිල් හේරත් සහභාගි වූ මීටර් 800 පිරිමි මූලික වටයේ තරගය සහ නිලානි රත්නායක සහභාගි වන මීටර් 3000 කාන්තා අවසන් මහ තරගයද අද පස්වරුවේ පැවැත්වීමට නියමිතය.  


- 036

 


අදහස් (0)

ගයන්තිකා මීටර් 800 අවසන් තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.