Last Update  :  2025-12-02 17:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කොළඹ ශාන්ත ජෝශප් තෙවැනි වටයට
13න් පහළ ක්‍රිකට්

කොළඹ ශාන්ත ජෝශප් තෙවැනි වටයට

editorial - 2025 දෙසැ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රජන්ත බමුණුකොටුව)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 13න් පහළ පළමු කොටසේ අන්තර් පාසල්  ක්‍රිකට් තරගාවලියේ තෙවැනි වටයට සුදුසුකම් ලැබීමට කොළඹ ශාන්ත ජෝශප්  විද්‍යාලය සමත්විය. දෙවැනි වටයේ තරගයකදී ‍මොරටු විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලබමින් කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලය තෙවැනි වටයට සුදුසුකම් ලබාගත්තේය.

මෙවර කණ්ඩායම් 77 ක් කාණ්ඩ 11ක් යටතේ පළමු වටයේදී තරග වැදුණහ. එහිදී දස්කම් දැක්වූ පාසල් කණ්ඩායම් 32ක් දෙවැනි වටයේ සිට පිළිමළුන් පිටුදැකීමේ ක්‍රමයට තරග වදිති.

 

මොරටු විද්‍යාලය - පළමු ඉනිම 130 යි
(ප්‍රමිත් ආකාෂ් 27, අම්ජේඩ් ෆවුසාන් 25, සකිඳු සේමික 24, දිනෝෂ් මුදලිගේ 6/2, රිෂි යුධන් 22/2, එලීෂ ජයවර්ධන 24/2)

කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලය - පළමු ඉනිම 217 යි
(නුදාම් ද සිල්වා 78, අශේන්ද්‍ර ද සිල්වා 36, එලීෂ ජයවර්ධන 36, අභිසෙස් පන්සිළු 20, පහන් මහීෂ 16/2, අම්ජේඩ් ෆවුසාන් 48/2)


අදහස් (0)

කොළඹ ශාන්ත ජෝශප් තෙවැනි වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.