Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(රජන්ත බමුණුකොටුව)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 15න් පහළ පළමු කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබීමට කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලය සමත්විය.
කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩාංගණයේ පැවැති අවසන් පූර්ව තරගයේදී කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලය විසින් ගාල්ල මහින්ද විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලැබීය.
ගාල්ල මහින්ද විද්‍යාලය ඕවර 50 තුලදී කඩුලු 8ක් පමණක් දැවී ලකුණු 174 ක් රැස් කළේය. නායක සහ ආරම්භක පිතිකරු සෙනුජ වෙහාන් ලකුණු 50ක් ලබාගත්තේය. මෙහිදී ගෙසඳු බිසස් නොදැවී ලකුණු 48 ක් ලබාගත් අතර, ගෙසඳු බිසස් සහ දුල්මෙත් හිරුණක නවවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 53 ක නොබිඳුණු සම්බන්ධතාවයක් පැවැත්වීම කැපී පෙනිනි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලය ඕවර 43.4කදී කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 176ක් රැස් කළේය. චේනිත කාවින්ද ලකුණු 55ක් රැස් කළ අතර, මොකිත කංකානම්ලාගේ සහ සන්තෝෂ් ජයප්‍රකාශ් තම ඉනිම ගොඩනැංවීමට දායකවූහ. චේනිත කාවින්ද සහ සන්තෝෂ් ජයප්‍රකාශ් 3 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 91ක අගනා සම්බන්ධතාවයක් ගොඩනැංවීමට සමත්වූහ.
පාසල් කණ්ඩායම් 84ක් සහභාගී වූ මෙවර තරගාවලියේ අවසන් තරගය ලබන 24 වැනිදා කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. එහිදී කොළඹ ශාන්ත ජෝෂප් විද්‍යාලය සහ රත්ගම දේවපතිරාජ විද්‍යාලය තරග වදිති.
ගාල්ල මහින්ද විද්‍යාලය - ඕවර 50 කදී කඩුලු 8 ට 174 යි
(සෙනුජ වෙහාන් 50, ගෙසඳු බිසස් නොදැවී 48, නිම්නාද දැහැන් 26, චේනිත කාවින්ද 25/2, නිවේන් ඇලෙක්සැන්ඩර් 50/2)
කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලය - ඕවර 43.4 කදී කඩුලු 3 ක් දැවී 176 යි
(චේනිත කාවින්ද 55, මොකිත කංකානම්ලාගේ 44, සන්තෝෂ් ජයප්‍රකාශ් නොදැවී 43 )
චේනිත කාවින්ද
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.