Last Update  :  2025-12-02 17:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කොළඹ ඩී.එස්. සේනානායක තෙවැනි වටයට පිවිසෙයි
13න් පහළ ක්‍රිකට්

කොළඹ ඩී.එස්. සේනානායක තෙවැනි වටයට පිවිසෙයි

editorial - 2025 දෙසැ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රජන්ත බමුණුකොටුව)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 13න් පහළ පළමු කොටසේ අන්තර් පාසල්  ක්‍රිකට් තරගාවලියේ තෙවැනි වටයට සුදුසුකම් ලැබීමට පසුගිය තරගවාරයේ සම ශූරතාව දිනාගැනීමට සමත්වූ කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලය සමත්විය.

මෙම තරගාවලියේ ශූරතාව දිනා ගැනීමේ බලාපොරොත්තුවෙන් මෙවර කණ්ඩායම් 77ක් කාණ්ඩ 11ක් යටතේ පළමු වටයේදී තරග වැදුණහ. එහිදී දස්කම් දැක්වූ පාසල් කණ්ඩායම් 32ක් දෙවැනි වටයේ සිට පිළිමළුන් පිටුදැකීමේ ක්‍රමයට තරග වදිති.

ඩී.එස්. සේනානායක විද්‍යාලය දෙවැනි වටයේ තරගයකදී වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලට එරෙහිව පළමු ඉනිමේ ජය ලැබීය. මෙම තරගයේදී කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලය වෙනුවෙන් වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලට එරෙහිව දක්ෂ පන්දු යැවීමක නිරතවූ නිකේෂ් අභිලාෂ ලකුණු 22කට කඩුලු 6 ක් දවාලීම කැපී පෙනිනි.

 

වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල - පළමු ඉනිම ඕවර 29.2 කදී 64 යි
(දෙනෙත් පෙරේරා 19, නිකේෂ් අභිලාෂ 22/6, ගයිඳු කෞෂික 10/4)

කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය - පළමු ඉනිම ඕවර 49.4 කදී කඩුලු 8 ට 120 යි
(විදු ද සිල්වා 53, චමිත ලියනගේ 33, නිතිල ජයකොඩි 13/3, බිසත් ලක්වින් 18/2, දෙනෙත් පෙරේරා 40/2)

 වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල - දෙවැනි ඉනිම  කිසිවකු නොදැවී 34 යි
(නිතිෂ් නිම්නක නොදැවී 20)


අදහස් (0)

කොළඹ ඩී.එස්. සේනානායක තෙවැනි වටයට පිවිසෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.