Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කොරෝනා හැදුනොත් රන් පදක්කම ප්‍රතිවාදියාට

කොරෝනා හැදුනොත් රන් පදක්කම ප්‍රතිවාදියාට

editorial - 2021 ජුලි මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ටෝකියෝ ඔලිම්පික් උළෙලේ බොක්සිං ඉසව්වක අවසන් මහ තරගයට සුදුසුකම් ලබන ක්‍රීඩකයකුට කොවිඩ්-19 වසංගතය ආසාදනය වුවහොත්, අවසන් මහ තරගයේදී ඔහු සමග තරග වැදීමට නියමිතව සිටින ක්‍රීඩකයාට තරගයකින් තොරවම රන් පදක්කම පිරිනමන බව සංවිධායකයෝ පවසති.

ඒ අනුව කොවිඩ් ආසාදනය වන ක්‍රීඩකයාට රිදී පදක්කමෙන් සෑහීමකට පත්වීමට සිදුවනු ඇත. මේ වන විට මෙම රෙගුලාසිය ටෝකියෝ ඔලිම්පික් ‍උළෙලේ නීති ‍රෙගුලාසි මාලාවට ඇතුළත් ඇති අතර ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව සහ ජාත්‍යන්තර ක්‍රීඩා සම්මේලන එක්ව එම නීති රෙගුලාසි මාලාව සකස් කර ඇත.

බොක්සිං ක්‍රීඩාවේදී තරග කිරීමට නොහැකි ක්‍රීඩකයා තරගයෙන් ඉවත්කළ ක්‍රීඩකයකු ලෙස සැලකිය නොහැකි බැවින් ඔහු තරගය ආරම්භ කිරීමට නොහැකි වූ ක්‍රීඩකයකු ලෙස සලකනු ලැබේ. ඒ අනුව තරගය ආරම්භ වූ වහාම ඔහුගේ ප්‍රතිවාදියාට නිතරග ජයක් ලබාදෙනු ඇතැයි එම රෙගුලාසි මාලාවේ වඩාත් හොඳින් පැහැදිලි කර තිබේ.

යම් තරගකරුවකුට කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් මූලික වටයේ තරගයකට සහභාගි වීමට නොහැකි වුවහොත් ඔහුගේ ප්‍රතිවාදියාට නිතරග ජයක් ලබාදෙන බවත්, අවසන් මහ තරගයකදී එවන් සිදුවීමක් වුවහොත් වයිරස ආසාදිත ක්‍රීඩකයාට රිදී පදක්කමත්, ඔහුගේ ප්‍රතිවාදියාට රන් පදක්කමත් පිරිනැමෙන බවත් එහි වැඩි දුරටත් සඳහන් වේ.   

කොරෝනා වසංගතය හේතුවෙන් කල් දමන ලද ටෝකි‍‍යෝ ඔලිම්පික් උළෙල මෙම මස 23 වැනිදා ආරම්භ වන අතර එය අගෝස්තු මස 8 වැනිදා නිමාවට පත්වීමට නියමිතය.


-036


අදහස් (0)

කොරෝනා හැදුනොත් රන් පදක්කම ප්‍රතිවාදියාට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.