Last Update  :  2025-05-13 15:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ක්ලිෆර්ඞ් කුසලාන රග්බි හෙට සිට

ක්ලිෆර්ඞ් කුසලාන රග්බි හෙට සිට

දිලිනි මල්රුක්ෂි - 2014 පෙබ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා රග්බි සංගමය මෙහෙයවන ‘ක්ලිෆර්ඞ්’ කුසලාන අන්තර් සමාජ පිළිමළුන් පිටු දැකීමේ රග්බි තරගාවලිය (2014) ආරම්භ කරමින් නාවික හමුදා පිල සහ ගුවන් හමුදා පිල අතර තරගය නවීකරණය කළ කොළඹ පැරණි තුරඟ තරග පිටියේදී හෙට (27 වැනිදා) පැවැත්වේ. විදුලි ආලෝකය මධ්‍යයේ පැවැත්වෙන මෙම තරගය පස්වරු 6.30 ට ආරම්භ වීමට නියමිතය.

අවසන් පූර්ව තරගය මාර්තු මස 4 සහ 5 දෙදින කොළඹ පැරණි තුරඟ තරග පිටියේදී විදුලි ආලෝකය මධ්‍යයේ පැවැත්වීමට නියමිත අතර අවසන් මහ තරගයේ මාර්තු මස 9 වැනිදා එම ක‍්‍රීඩාංගණයේදීම පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

නාවික හමුදා පිල මෙවර ලීග් තරගාවලියේ ශූරතාව අපරාජිතව දිනාගත් අතර මහනුවර පිලට අනු ශූරතාව හිමිවිය.

තරග කාල සටහන
පෙබ. 27 - නාවික හමුදා පිල සහ ගුවන් හමුදා පිල අතර කොළඹ පැරණි තුරඟ තරග පිටියේදී (ප.ව. 6.30)
පෙබ. 28 - අප්කන්ටි‍්‍ර ලයන්ස් පිල සහ සී. ආර් පිල අතර කොළඹ පැරණි තුරඟ තරග පිටියේදී (ප.ව. 6.30)
මාර්. 01 - හැව්ලොක්ස් පිල සහ යුද හමුදා පිල අතර කොළඹ පැරණි තුරඟ තරග පිටියේදී (ප.ව. 6.30)
මාර්. 01 - මහනුවර පිල සහ පොලිස් පිල අතර නිත්තවෙල පිටියේදී (ප.ව. 4.30)


අදහස් (0)

ක්ලිෆර්ඞ් කුසලාන රග්බි හෙට සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.