Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
වයස 17 න් පහළ ‘සිංගර්’ කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ ගල්කිස්සේදී පැවැති තරගයේදී ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් වමතින් වේග පන්දු යවන ක්‍රීඩක කලණ පෙරේරා, දෙහිවල එස්. ද එස්. ජයසිංහ විදුහල් ඉනිමේ කඩුලු 10 දවා ගැනීමට සමත් විය.
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් ඉතිහාසයේ 17 න් පහළ පළමු කොටසේ තරගයකදී පන්දු යවන්නකු ඉනිමකදී කඩුලු 10 ක් දවාගත් පළමු අවස්ථාව මෙය වේ. එහිදී කලණ ඕවර 4.4 කදී නිලකුණු ඕවර 2 ක් සමගින් ලකුණු 3 කට කඩුලු 10 දවා ගත්තේය.
කලන මේ වන විට සහභාගි වූ තරග තුනේදී කඩුලු 23 ක් දවා ගැනීමට සමත්ව සිටියි.
මෙම තරගයෙන් සාන්ත තෝමස් විදුහල කඩුලු 9 ක ජයක් ලැබූ අතර සම්පූර්ණ තරගය ඕවර 12.4 ක් පමණක් පැවැත්විණි. පාසල් ක්‍රිකට් ඉතිහාසයේ අඩුම ඕවර සංඛ්‍යාවකින් ප්‍රතිඵලයක් ලැබුණු තරගය ලෙස ද මෙය ඉතිහාසයට එක්වේ.
දෙහිවල එස්. ද එස්. ජයසිංහ විදුහල ඕවර 8.4 කදී සියලු දෙනා දැවී 27
(කලන පෙරේරා 03/10)
සාන්ත තෝමස් විදුහල ඕවර 4 කදී කඩුලු 1 ට 31
(තෙවින් ඊරියගම නොදැවී 22)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.