Last Update  :  2025-05-11 20:07:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඕවර 50 කදී ලකුණු 662 ක්

ඕවර 50 කදී ලකුණු 662 ක්

Nisanka Sandeepani - 2017 ජුලි මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වයස 17 න් පහළ ‘සිංගර්’ කුසලාන ක්‍රිකට් තරගාවලියේ තෙවැනි කොටසේ හම්බන්තොට සූචී ජාති පාසල් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී සූචී ජාතික පාසල් ක්‍රීඩකයෝ හම්බන්තොට සහිරා විදුහල පරාජය කරමින් ලකුණු 599 ක දැවැන්ත ජයක් ලැබීමට සමත් වූහ.

මෙහිදී සූචී ජාතික පාසල ඕවර 50 යේදී කඩුලු හතක් දැවී ලබාගත් ලකුණු 662 කට හතරේ පහර 71 ක් සහ හයේ පහර 36 ක් ඇතුළත් විය. 

සූචී ජාතික පාසලේ ප්‍රමිත් චේතිය පන්දු 100 කදී හතරේ පහර 30 ක් සහ හයේ පහර 24 ක් සමගින් ලකුණු 289 ක් රැස්කිරීමට සමත් විය. අක්ලාම් වාෂීර් (නොදැවී 113) සහ ඉනෝෂ් ශමල්ක (100) මෙහිදී සූචී ජාතික පාසල වෙනුවෙන් ශතක රැස්කළහ. 

 


හම්බන්තොට සූචී ජාතික පාසල ඕවර 50 යේදී කඩුලු 7 ට 662
(ප්‍රමිත් චේතිය 289, අක්ලාම් වාෂීර් නොදැවී 113, ඉනෝෂ් ශමල්ක 100, යුරේෂ් ඉසුරංග 51, සෞම්‍ය කොඩිකාර 35, එම්. සාෆික් 110/2, එම්. ෆාෂීල්    107/2)

හම්බන්තොට සහිරා විදුහල ඕවර 18 කදී සියලු දෙනා දැවී 63
(එම්. නදීර් 15, චාමික රණසිංහ 15/5, ප්‍රමිත් චේතිය 22/3)

 

 


අදහස් (0)

ඕවර 50 කදී ලකුණු 662 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.