Last Update  :  2024-04-16 15:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news එකම සටන් ක්‍රීඩකයා චාමර නුවන්

එකම සටන් ක්‍රීඩකයා චාමර නුවන්

editorial - 2021 ජුලි මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ටොකියෝ ඔලිම්පික් උළෙලට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළව සිටින එකම සටන් ක්‍රීඩකයා වන්නේ ජූඩෝ ක්‍රීඩක චාමර නුවන් ධර්මවර්ධනය.

2016 වසරේ බ්‍රසීලයේ පැවැති රියෝ ඔලිම්පික් උළෙලේ ජූඩෝ ඉසව්වේදී කිලෝ ග්‍රෑම් 73 බර පංතියෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 9 වැනි ස්ථානය හිමිකරගත් චාමර, ඔලිම්පික් උළෙලක් සඳහා සහභාගිවන දෙවැනි අවස්ථාව මෙයයි. 2016 වසරේ උස්බෙකිස්තානයේදී පැවැති ආසියානු ක්‍රීඩා උළෙලේදීද ඔහු ශ්‍රී ලංකාව නියෝජනය කර ඇත.

1992 වසරේ මැයි මස 10 වැනිදා උපන් ඔහු මේ වන විට 29 වැනි වියේ පසුවෙයි.

ජාතික මට්ටමේ මෙන්ම ජාත්‍යන්තර මට්ටමේද ජයග්‍රහණ රැසකට හිමිකම් කියන චාමර, මේ දක්වා ජාත්‍යන්තර තරග වලදී රන් පදක්කම් 2 ක්, රිදී පදක්කම් 3 ක් සහ ලෝකඩ පදක්කම් 3 ක් දිනාගෙන ඇත. ඊට 2019 වසරේ නේපාලයේදී පැවැති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී දිනූ රන් පදක්කමක් සහ 2016 වසරේ ඉන්දියාවේදී පැවැති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී දිනූ රිදී පදක්කමක්ද ඇතුළත් වේ.

ඊට අමතරව 2018 වසරේ ස්ලෝවේනියාවේදී පැවැති යුරේපීය ජූඩෝ කුසලාන තරගාවලියේදී කිලෝ ග්‍රෑම් 73 බර පංතියේ රන් පදක්කම දිනාගැනීමටද චාමර සමත් විය. 2011 වසරේ සිංගප්පූරුවේදී පැවැති ආධුනික ජූඩෝ ශූරතාවලියේදී කිලෝ ග්‍රෑම් 66 බර පංතියෙන්ද, 2018 වසරේ ඔස්‍ට්‍රියාවේදී පැවැති ජාත්‍යන්තර ජූඩෝ තරගාවලියේදී කිලෝ ග්‍රෑම් 73 බර පංතියෙන්ද ඔහු රිදී පදක්කම් හිමිකර ගත්තේය.

2011 වසරේ පාකිස්තායේදී පැවැති දකුණු ආසියානු ජූඩෝ ශූරතාවලියේදී සහ 2012 වසරේදී තායිලන්තයේදී පැවැති ජාත්‍යන්තර ජූඩෝ ශූරතාවලියේදී කිලෝ ග්‍රෑම් 66 බර පංතියේ ලෝකඩ පදක්කම් හිමිකරගත් චාමර, 2014 වසරේ ඉන්දියාවේදී පැවැති ලුසෆොනියා ක්‍රීඩා උළෙලේදී කිලෝ ග්‍රෑම් 73 බර පංතියේ ලෝකඩ පදක්කමටද හිමිකම් කීවේය.

සැකසුම - ශානුක අරවින්ද


අදහස් (0)

එකම සටන් ක්‍රීඩකයා චාමර නුවන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.