Last Update  :  2025-05-13 15:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඉසිපතනය 85-12 කින් ඞී. එස්. පරදවයි

ඉසිපතනය 85-12 කින් ඞී. එස්. පරදවයි

සංජය එරමුදුගොඩ - 2014 මාර් මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ දෙවැනි සතිය යටතේ කොළඹ රාජකීය විදුහල් රග්බි පිටියේදී අද (31) පැවැති තරගයේදී ඉසිපතන විදුහල් ක‍්‍රීඩකයෝ ලකුණු 85-12 කින් කොළඹ ඞී. එස්. සේනානායක විදුහල පරාජය කිරීමට සමත් වූහ.

ඉසිපතන විදුහල ගෝල 10 කින් සහ උත්සාහක දිනුම් තුනකින් ලකුණු ලැබූ අතර ඞී. එස්. සේනානායක විදුහලට දඩුවම් පහර හතරකින් ලකුණු එකතු විය.

ඉසිපතන විදුහල් පිල පළමු අර්ධය අවසන් වන විට ලකුණු 31-12 ක් ලෙස පෙරමුණේ පසු විය.

ඉසිපතන විදුහලට චතුර ඩිල්ෂාන්, රෙහාන් සිල්වා, සුදම් සූරිආරච්චි සහ ඩිලාන් ගාල්ලගේ උත්සාහක දිනුම් දෙක බැගින් සම්පූර්ණ කිරීමට සමත් වූහ. ඞී. ඩබ්ලිව්. බණ්ඩාර,  ඉසුරු උමයංග, දමිත දිසානායක, අකිල පෙරේරා සහ ඔමල්ක ගුණරත්න උත්සාහක දිනුම බැගින් සම්පූර්ණ කළහ.

ඉසිපතන විදුහල වෙනුවෙන් ඉසුරු උමයංග සහ සුදම් සූරිආරච්චි ගෝල ප‍්‍රවර්ථන පහ බැගින් සාර්ථක කළහ.

ඞී. එස්. සේනානායක විදුහලට ලැබුණු දඩුවම් පහර හතර ඩබ්ලිව්. ඩබ්ලිව්. තිලකරත්න සාර්ථක කළේය.


අදහස් (0)

ඉසිපතනය 85-12 කින් ඞී. එස්. පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.