Last Update  :  2024-04-25 14:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඇමරිකාවෙන් දැවැන්ත කණ්ඩායමක්

ඇමරිකාවෙන් දැවැන්ත කණ්ඩායමක්

editorial - 2021 ජුලි මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(සංජීව ධර්මසේන)

කොවිඩ්-19 ව්‍යසනය හේතුවෙන් දැඩි සෞඛ්‍ය රෙගුලාසි මධ්‍යයේ පැවැත්වෙන (2020 ටෝකියෝ) ඔලිම්පික් උළෙලට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 613 දෙනෙකුගෙන් යුත් දැවැන්ත කණ්ඩායමක් ඉදිරිපත් කරන බව ඇමරිකානු ඔලිම්පික් කමිටුව අනාවරණය කරයි. මෙය එරට ඉතිහාසයේ ඔලිම්පික් උළෙලක් වෙනුවෙන් ඉදිරිපත් කරන ‍දෙවැනි වැඩිම ක්‍රීඩක සංඛ්‍යාව වනු ඇත.

මීට පෙර 1996 වර්ෂයේ පැවති ඇතැන්ස් ඔලිම්පික් උළෙලට ඇමරිකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 648 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඉදිරිපත් කළ අතර, එය එරට ඉතිහාස‍යේ ඔලිම්පික් උළෙලක් වෙනුවෙන් ඉදිරිපත් කළ වැඩිම ප්‍රමාණය විය.

ඒ අනුව ඇමරිකාව මෙවර ඉදිරිපත් කරන කණ්ඩායමට ක්‍රීඩිකාවන් 329ක් හා ක්‍රීඩකයින් 284ක් ඇතුළත්ව සිටිති. කෙසේ නමුත් ඉන් 193 දෙ‍නෙකුම මීට පෙර ඔලිම්පික් උළෙල නියෝජනය කළ අය වෙයි. එමෙන්ම ඔවුන්ගෙන් 104 දෙනෙකුම පදක්කම් ලාභීන්ද වන අතර, ඉන් 56 දෙනෙකුම රන් පදක්කම් ජයග්‍රහණ කර තිබීමද සුවිශේෂී වෙයි.

මෙවර ඔලිම්පික් උළෙල නියෝජනය කරන ඇමරිකානු කණ්ඩායමේ ළාබාලම සාමාජිකයා 15 හැවිරිදි පිහිනුම් ක්‍රීඩිකා කැටී ග්‍රයිම්ස් ව අතර, එම කණ්ඩායමේ සිටින වයස්ගතම ක්‍රීඩකයා 57 හැවිරිදි අශ්වාරෝහක ක්‍රීඩක පිලිප් ඩටන් වෙයි.

ඔලිම්පික් ඉතිහාසයේ වැඩිම පදක්කම් සංඛ්‍යාවක් දිනූ රට තවමත් ඇමරිකාව ඉදිරියෙන් පසුවන අතර, අවස්ථා කිහිපයකදී හැරෙන්න බොහෝ ඔලිම්පික් උළෙලහිදී ඔවුන් වැඩිම රන් පදක්කම් දිනූ රට ලෙස කිරුළු පැළඳ ඇත. ඒ හේතුවෙන් මෙවර ක්‍රීඩා උළෙලේදී ඇමරිකානු කණ්ඩායම ගැන විචාරකයින් වැඩි බලාපොරොත්තුවක් තබා ඇත.

වසර 125(1896 - 2021)ක අතීතයක් ඇති ඔලිම්පික් ඉතිහාසයේ ඇමරිකාව මේ දක්වා සමස්ත පදක්කම් 2522ක් දිනාගෙන ඇති අතර, ඉන් 1022ක්ම රන් පදක්කම් වෙයි. මීට අමතරව රිදී පදක්කම් 795කට හා ලෝකඩ පදක්කම් 705කටද ඇමරිකාව හිමිකම් කියයි.


අදහස් (0)

ඇමරිකාවෙන් දැවැන්ත කණ්ඩායමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.