Last Update  :  2024-04-19 19:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අසුන් පිට යන පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව මැටිල්ඩා

අසුන් පිට යන පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව මැටිල්ඩා

editorial - 2021 ජුලි මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ටෝකියෝ 2020 ඔලිම්පික් උ‍ළෙලට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත්ව සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරින් නියමිත පරිසාධන මට්ටමට ලඟාවෙමින් ඊට සුදුසුකම් ලබාගත් එකම ක්‍රීඩිකාව ලෙස මැටිල්ඩා කාල්සන් හැඳින්විය හැකිය. ශ්‍රී ලංකාවේ උපන් මැටිල්ඩා තෙමස් හැවිරිදි වියේ පසුවන විට ස්වීඩන් ජාතික පවුලක් ඇයව දරුකමට හදාගැනීමට බාරගෙන තිබේ.

1984 වසරේ සැප්තැම්බර් මස 27 වැනිදා මහනුවරදී උපන් මැටිල්ඩා මේ වන විට 37 වැනි වියේ පසුවන්නීය. එදා මෙදා තුර ඔලිම්පික් ඉතිහාසයේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අසුන් මෙහෙයවීමේ ඉසව්ව සඳහා සහභාගි වන පළමු ක්‍රීඩිකාව වන්නේද මැටිල්ඩාය.

මෙම වසරේ (2021) ජූනි මාසයේදී ප්‍රංශයේ ශාන්ත ට්‍රෙපේස් නුවර පැවැති අසුන් මෙහෙයවීමේ තරගාවලියක ඉසව් දෙකකදී පිළිවෙලින් 8 වැනි සහ 10 වැනි ස්ථාන දිනාගැනීම මැටිල්ඩාගේ අවසන් ජාත්‍යන්තර ස්ථාන වේ. ‍

ඉන් පෙර මෙම වසරේ මැයි මාසයේදී නෙදර්ලන්තයේ වල්කන්ස්වර්ඩ් නුවරදී පැවැති අසුන් මෙහෙයවීමේ තරගාවලියක 12 වැනි ස්ථානයත්, 2019 වසරේ මෙක්සිකෝවේදී පැවැති අසුන් මෙහෙයවීමේ තරගාවලියක 8 වැනි ස්ථානයත් හිමිකර ගැනීමට ඇය සමත්ව සිටියාය.

සැකසුම - ශානුක අරවින්ද

 


අදහස් (0)

අසුන් පිට යන පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව මැටිල්ඩා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.