Last Update  :  2026-04-27 12:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අසංගට පෙරළිකාර ජයක්

අසංගට පෙරළිකාර ජයක්

editorial - 2026 අප්‍රේ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නාමල් පතිරගේ 

කොළඹදී පෙරේදා (25) රාත්‍රීයේදී නිමාවට පත්වූ ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණයේදී (2026 - 30) එහි සභාපති ධූරයට ශ්‍රී ලංකා බේස්බෝල් සම්මේලනයේ සභාපති අසංග සෙනවිරත්න මහතා වැඩි ඡන්ද පහකින් තේරී පත් විය.එහිදී ඔහු ඡන්ද 16 ක් ලබා ගත් අතර ඔහුගේ ආසන්නතම ප්‍රතිවාදියා වන ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ සභාපති ජස්වර් උමාර් මහතාට හිමි වූයේ ඡන්ද 11 කි.

අපේක්ෂකයන් පස් දෙනෙකු සභාපති ධූරයට ඉදිරිපත්ව සිටියත් දේවා හෙන්රි හා ප්‍රීතිවිරාජ් පෙරේරා යන මහත්වරු නිලවරණය කැදවීමට පෙර සිය නාමයෝජනා ඉවත් කර ගත්තේය.ඊට ඉදිරිපත්ව සිටි සෙසු අපේක්ෂකයා වන ශ්‍රී ලංකා ඉලක්කයට වෙඩි තැබීමේ සම්මේලනයේ උප සභාපති ශිරන්ත පීරිස් මහතාට එහිදී ලබා ගත හැකිවූයේ ඡන්ද දෙකක් පමණි.

නව සභාපති අසංග සෙනවිරත්න මහතා ජාතික ඔලිම්පික් කමිටුවේ හිටපු උප සභාපතිවරයෙකු වන අතර ක්‍රීඩා පරිපාලනයේ ප්‍රවීනයෙකු වන ඔහු ශ්‍රී ලංකා රග්බි සංගමයේ සභාපති ධූරයේද කලක් කටයුතු කර තිබේ.රග්බි හා ක්‍රිකට් යන ක්‍රීඩා දෙකෙන්ම දස්කම් දැක්වූ හිටපු ක්‍රීඩකයෙකි.

සෙසු ප්‍රධාන සභාපති අපේක්ෂකයන්ට සාපේක්ෂව නිලවරණ ඡන්ද සටනේ ප්‍රසිද්ධියේ පෙනී නොසිටි බැවින් ඔහුගේ මෙම ජයග්‍රාහණය වඩාත් කැපී පෙනේ. .නිලවරණය ජය ගැනීමෙන් පසුව ඔහු මාධ්‍යයට පැවැසුවේ රටේ ක්‍රීඩාවට පෞද්ගලික අනුග්‍රාහකයන්ගේ සහය අවම වෙමින් තිබෙන අවස්ථාවක ක්‍රීඩාව පවත්වා ගෙන යාමට රුපියල් බිලියන 12 ක වාර්ෂික ක්‍රීඩා අය වැයක් පවත්වා ගෙන යන ආන්ඩුව හවුල් කර ගැනීම ඒ සදහා වඩාත්ම පළදායි කටයුත්ත බවයි.

දැඩි රැකවරණ මැද මාධ්‍යවේදීන් ඇතුළු භාහිර පාර්ශව වෙත ජාතික ඔලිම්පික් කමිටුවේ පරිශ්‍රයට ඇතුළුවීම තහනම් කරමින් පැවැති නිලවරණය එදින පස්වරු 4 ට ආරම්භ වීමෙන් පසුව රාත්‍රී 10 පසු වන තුරුත් ඇදී ගියේය. 

නිලවරණයට පෙර පැවැති මහ සභාවේදී ශ්‍රී ලංකා හිම ක්‍රීඩා සංගමයේ හා ශ්‍රී ලංකා තුන් ප්‍රයාම සම්මේලනයේ ඡන්ද අයිතිය අහෝසි කිරීමට නියම කරමින් ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා යොමු කර තිබූ බව කියන ලිපියක් නිලවරණ කමිටුව ඉවත දැමූ බව වාර්තාවේ.

ඒ නිලවරණය නීරීක්ෂණය කරමින් එහි අසුන් ගෙන සිටි ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ නියෝජිතයා ලබා දුන් උපදෙස් ක්‍රියාත්මක කරමිනි.භාංඩාගාරික ධූරයට පත් අජිත් සියඹලාපිටිය හා උප සභාපති ධූරයකට පත්වූ සරත් හේවාවිතාරණ යන මහත්වරුන් ජස්වර් උමාර් පාර්ශවයෙන් තරග වැදුණු අය වීම කැපී පෙනේ.

ශ්‍රී ලංකා ජූඩෝ සම්මේලනය අවසන් මොහොතේ නිලවරණයෙන් ඉවත් කිරීමත් සමග මෙවර ඒ සදහා සහභාගි කර ගත් ජාතික ක්‍රීඩා සංගම් ගණන 28 කට සීමා විය.ක්‍රීඩකයන්ගේ කමිටුවට ඡන්ද දෙකක් භාවිතා කිරීමේ අවස්ථාව ජාතික ඔලිම්පික් කමිටුවේ ව්‍යවස්ථාවෙන් හිමිව තිබේ.

හිටපු සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතා මෙවර් නිලවරණයට ඉදිරිපත් නොවූයේ ව්‍යවස්ථානුකූලව කම්ටුවේ නිල කාලයන් දෙකක් ඔහු සම්පූර්ණ කර තිබූ බැවිනි.


ජාතික ඔලිම්පික් කමිටුවේ නව විධායක සභාව (2026 -30) හා සෙසු අපේක්ෂකයන් ලබා ගත් ඡන්ද ගණන
★ සභාපති ධූරයට : - අසංග සෙනවිරත්න (බේස්බෝල් - ඡන්ද 16), ජස්වර් උමාර් (පාපන්දු  - 11), ශිරන්ත පිරිස් (ඉලක්කයට  වෙඩි තැබීම - 02)
★ මහ ලේකම් ධූරයට : - රිෆ්ඩි ෆාමි (ජල ක්‍රීඩා - 17 ), නිෂාන්ත පියසේන (නූතන පංච ප්‍රයාම - 13)
★ භාණ්ඩාගාරික ධූරයට : - ලුතිනන් කර්නල් අජිත් සියඹලාපිටිය (කඩු හරඹ - 17), නෝමල් ඒකනායක (රග්බි - 13)
★ උප සභාපතිවරු  (4) : - නිලූ ජයතිලක (ගෝල්ෆ් - 18), ඉක්බාල් බින් ඉෂාක් (ටෙනිස් - 16), ප්‍රීතිවිරාජ් පෙරේරා (ඔරු පැදීම - 16), සරත් හේවාවිතාරණ (මල්ලවපොර  -14), බිමල් විජයසිංහ ( මලල ක්‍රීඩා  - 13), පී.විශ්වනාතන් (හොකී - 13), රොෂාන් ගුණවර්ධන (බැඩ්මින්ටන් - 11), ජේය්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත (වොලිබෝල් - 09)
★ උප ලේකම් ධූරයට : -අස්මිතා ගුණරත්න (රුවල් ඔරු - 18), මහාචාර්ය සමන්ත නානායක්කාර (රළ මත ක්‍රීඩා  - 12)
★ උප භාංඩාගාරික ධූරයට : -දසුන් විජේසිංහ (ටයිකොන්ඩෝ  - 14), අසංක ආරියචන්ද්‍ර ( ජූඩෝ - 13)
★ විධායක කමිටු සාමාජික ධූර ( 3) : - පවිත්‍ර ප්‍රනාන්දු (රග්බි - 16), ධනූන තිලකරත්න ( කදු නැගීම - 14), කෝසල වික්‍රමනායක (අසුන් මත යාමේ ක්‍රීඩා - 13), අක්රි අමීර්  (තුන් ප්‍රයාම - 11), මහින්ද ලියනගේ ( ජල ක්‍රීඩා - 05), උපාලි රාජපක්ෂ (09 - හෑන්ඩ්බෝල් - අත්පන්දු )


අදහස් (0)

අසංගට පෙරළිකාර ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.