Last Update  :  2025-05-13 15:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අප්කන්ටි‍්‍ර ලයන්ස් 34 -14 කින් ජයගනී

අප්කන්ටි‍්‍ර ලයන්ස් 34 -14 කින් ජයගනී

දිලිනි මල්රුක්ෂි - 2014 පෙබ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ක්ලිෆර්ඞ් කුසලාන අන්තර් සමාජ පිළිමළුන් පිටු දැකීමේ රග්බි තරගාවලියේ තරගයේදී අප්කන්ටි‍්‍ර ලයන්ස් පිල විසින් සී. ආර් ඇන්ඞ් එෆ්. සී. පිල ලකුණු 34-14 ක් ලෙස පරාජය කරන ලදි. මෙම තරගය කොළඹ පැරණි තුරඟ තරග පිටියේදී විදුලි අලෝකය මධ්‍යයේ අද (28) පැවැත්විණ.

ජයග‍්‍රාහි අප්කන්ටි‍්‍ර ලයන්ස් පිල ගෝල 4 කින් සහ දඩුවම් පහර 2 කින් ලකුණු ලැබූ අතර සී. ආර්. පිලට ගෝල 2 කින් ලකුණු එකතු විය. පළමු අර්ධය අවසන් වන විට අප්කන්ටි‍්‍ර පිල ලකුණු 24-14 ක් ලෙස පෙරමුණේ පසු විය.

අප්කන්ටි‍්‍ර ලයන්ස් පිලට සසංක ආරියරත්න, බී. උඩන්ගමුව සහ නිරෝෂාන් කරුණානායක උත්සාහක දිනුම් එකතු කිරීමට සමත් වූහ.
තරගාවලිය ආරම්භ කරමින් ඊයේ (27) පැවැති තරගයෙන් නාවික හමුදා පිල විසින් ගුවන් හමුදා පිල ලකුණු 55-3 කින් පරාජය කරන ලදි.


අදහස් (0)

අප්කන්ටි‍්‍ර ලයන්ස් 34 -14 කින් ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.