Last Update  :  2026-01-04 19:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news 10-දහය ශූරතාව මාතර අනුර විද්‍යාලයට
බාලිකා ක්‍රිකට්

10-දහය ශූරතාව මාතර අනුර විද්‍යාලයට

editorial - 2026 ජන මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

මාතර දිස්ත්‍රික් අන්තර් පාසල් (19 න් පහළ) කාන්තා 10-දහය තරගාවලියේ ශූරතාව මාතර අනුර විද්‍යාලය විසින් දිනාගන්නා ලදි. පසුගිය 27 වැනිදා පැවැති අවසන් තරගයේදී මාතර අනුර විද්‍යාලයීය ක්‍රීඩිකාවන් විසින් වැලිගම ශ්‍රී සුමංගල බාලිකා විද්‍යාලය කඩුලු 10 කින් පරාජය කරන ලදි. 

තරගාවලියේ තුන්වැනි ස්ථානය දෙයියන්දර මහා විද්‍යාලයට හිමිවිය. 

මාතර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරන ලද මෙම තරගාවලිය පසුගිය 23 වැනිදා සිට 27 වැනිදා දක්වා මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී පැවැත්විණ. 

අවසන් තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් වැලිගම සුමංගල බාලිකාවෝ ඕවර 10 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 45 ක් ලබාගත්හ. සංජලී සාවින්ද්‍යා ලකුණු 10 කට කඩුලු 2 ක් දවාගත්තාය. 

ලකුණු 46 ක ඉලක්කයක් කරා ගිය මාතර අනුර විද්‍යාලයීය බාලිකාවෝ ඕවර 2.5 කදී කිසිවකු නොදැවී ලකුණු 48 ක් ලබාගනිමින් කඩුලු 10 ක ජයක් අත්කර ගත්හ. නායිකා ලක්මි මින්සරා, පන්දු 10 කින් ලබාගත් ලකුණු 28 ට හතරේ පහර 5 ක් සහ හයේ පහරක් ඇතුළත් විය. ඇයගේ සහාය ආරම්භක පිතකාරිණි ෂෙහස්නා නෙත්සරණි, හතරේ පහර දෙකක් ද සහිතව, පන්දු 7 කින් ලකුණු 12 ක් ලබාගත්තාය. 

තරගාවලියේ දක්‍ෂතම පිතිකාරිණිය වූ ලක්මි මින්සරා, තරග 5 කදී ලකුණු 271 ක් ලබාගත්තාය. තරගාවලියේ දක්‍ෂතම පන්දු යවන්නිය වූ ධනුලි රසාරා තරග 5 කදී කඩුලු 6 ක් දවාගත්තාය. තරගාවලියේ දක්‍ෂතම ක්‍රීඩිකාව වූ ෂෙහස්නා නෙත්සරණි, තරග 5 කදී ලකුණු 204 ක් ලබාගනිමින් කඩුලු 4 ක් ද දවාගත්තාය. 

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ සභාපතිවරයා මෙන් මාතර ශාන්ත ශර්වේෂස් විද්‍යාලයේ විදුහල්පති විරාජිත් කඩවැද්දුව මහතාගේත්,  විදුලිබල හා බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අක්රම් ඉල්ලියාස් මහතාගේත් ප්‍රධානත්වයෙන් ත්‍යාග ප්‍රදානෝත්සවය පැවැත්විණ. 

 

 

අනුශූර සුමංගල බාලිකා විදුහල් කණ්ඩායම 

 

 

තෙවන ස්ථානය - දෙයියන්දර ජාතික පාසල 


අදහස් (0)

10-දහය ශූරතාව මාතර අනුර විද්‍යාලයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.