Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සිව්වැනි අදියරේදී ගයාන් පෙරමුණ ගනී

සිව්වැනි අදියරේදී ගයාන් පෙරමුණ ගනී

සංජය එරමුදුගොඩ - 2018 සැප් මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය මගින් සංවිධානය කරනු ලබන ‘එස්.එල්.ටී. ස්පීඞ් අප්’ පාපැදි (පිරිමි) සවාරියේ සිවුවැනි අදියර අද (7 වැනිදා) මහියංගණයේ සිට අනුරාධපුරය දක්වා පැවැත්විණ. එහි මුල් කොටස වූ දඹුල්ල දක්වා කි.මී.  140.7ක දුරකින් යුතු වූ කොටස ජයගැනීමට ශ්‍රී ලංකා යුද හමුදාවේ ගයාන් කුමාර සමත්විය.

තරගකරුවන් 86 දෙනෙකු සහභාගි වූ මෙහි දෙවැනි ස්ථානය වරාය අධිකාරි කණ්ඩායම නියෝජනය කළ ඉසුරු තරංග විසින්ද, තෙවැනි ස්ථානය යුද හමුදාවේ සඳරුවන් පිංතු විසින්ද දිනාගන්නා ලදහ.

එහි දෙවැනි කොටස ප.ව. 3.00ට දඹුල්ලෙන් ආරම්භ වී කි.මී. 64.7ක දුරක් ගෙවා අනුරාධපුයෙන් අවසන් කෙරිණ.

අදියර පහකින් (දින පහක්) සමන්විත තරගාවලියේ පස්වැනි හා අවසන් අදියර හෙට (08දා) අනුරාධපුරයේ සිට කුලියාපිටිය දක්වා කි.මී. 140.8 ක දුරකින් පැවැත්වේ.

අද ප.ව. 2.00ට පමණ තරගය ආරම්භ කරන පාපැදිකරුවෝ ප.ව. 2.13 වනවිට තඹුත්තේගමට පැමිණීමට නියමිතය. එතැන් සිට ගල්ගමුව (ප.ව. 2.49 වනවිට), වාරියපොළ වට රවුම (ප.ව. 3.53 වනවිට), කුරුණෑගල (ප.ව. 4.22 වනවිට), නාරම්මල හන්දිය (ප.ව. 4.52 වනවිට) යන ස්ථාන පසු කරමින් ප.ව. 5.23 පමණ වනවිට කුලියාපිටිය නගරය වෙත ලගාවීමට නියමිතව ඇත.

පසුගිය අගහරුවාදා (04දා) කොළඹින් ආරම්භ වූ මෙම සවාරියේ පළමු අදියර මාතරින් (කි.මී. 159.5) අවසන් වූ අතර, ඬේන් නුගේරා (ගුවන් හමුදාව) එම අදියර ජයගත්තේය. එහි දෙවැනි ස්ථානය සොනාල් ද සිල්වාට (වරාය අධිකාරිය) හා තෙවැනි ස්ථානය තුෂාන් රාජපක්ෂ ට (යුද හමුදාව) හිමි විය.

මාතර සිට බළංගොඩ (කි.මී. 161.4) දක්වා පැවැති දෙවැනි අදියරේදී සජිත් හසන්ත (වරාය අධිකාරිය) ජයගත් අතර, දෙවැනි ස්ථානය ක්‍රිෂාන් මධුසංක (නාවික හමුදාව) හා තෙවැනි ස්ථානය උදය කුමාර (ස්ටෙෆනෙලි පිලිප්පෝ) දිනාගත්හ.

බලංගගොඩ සිට මහියංගණය (කි.මී. 130.8) දක්වා පෙරේදා පැවති තෙවැනි අදියර ජය ගැනීමට අවිශ්ක මැඩොන්සා (වරාය අධිකාරිය) සමත් වූ අතර, දෙවැනි ස්ථානය ගිහාන් පුෂ්පකුමාර (යුද හමුදාව) හා තෙවැනි ස්ථානය ප්‍රභාත් මධුසංක (නාවික හමුදාවේ) විසින් දිනාගන්නා ලදහ.

එස්.එල්.ටී. ස්පීඞ් අප් පාපැදි සවාරියට පළමු වරට හඳුන්වාදුන් පැරා අංශයේ පාපැදි තරගය හෙට (08 වැනිදා) කුරුණෑගල සිට කුලියාපිටිය දක්වා පැවැත්වේ. එය කි.මී. 75ක දුරකින් සමන්විත වෙයි.

 


අදහස් (0)

සිව්වැනි අදියරේදී ගයාන් පෙරමුණ ගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.