Last Update  :  2025-05-14 21:20:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සී. ආර්. පිලට කේ. එෆ්. සී. අනුග‍්‍රහය

සී. ආර්. පිලට කේ. එෆ්. සී. අනුග‍්‍රහය

දිලිනි මල්රුක්ෂි - 2013 අගෝ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා රග්බි පිටියේ ප‍්‍රබලතම කණ්ඩායමක් වන සී. ආර්. ඇන්ඞ් එෆ්. සී. පිලට වසර තුනක් සඳහා අනුග‍්‍රහය දැක්වීමට කේ. එෆ්. සී. සමාගම ඉදිරිපත්ව සිටියි. ෙ අනුග‍්‍රහය සඳහා වසරකට රුපියල් ලක්‍ෂ 100 බැගින් වසර තුනට ලක්‍ෂ 300 ක් කේ. එෆ්. සී. සමාගම විසින් සී. ආර්. ඇන්ඞ් එෆ්. සී. කී‍්‍රඩා සමාජයට ප‍්‍රදානය කරයි.

කේ. එෆ්. සී. සමාගමේ සමූහ කළමණාකාරිණී මල්ජිනි ජයසේකර මහත්මිය පැවසුවේ ශ්‍රී ලංකා රග්බි පිටියේ ප‍්‍රබල කණ්ඩායමක් වන සී. ආර්. පිල සමග එකතුව තරුණයන්ගේ ක‍්‍රීඩාව දියුණු කිරීමට තම ආයතනය අදහස් කළ බවයි.  

මෙවර සී. ආර්. පිලේ නායකයා ලෙස යොවුන් ක‍්‍රීඩක ඉෂාන් නූර් කටයුතු කරයි. ඊට අමතරව දුෂාන්ත ලෙව්කේ, අනුජ පෙරේරා සහ විශ්වමිත‍්‍ර ජයසිංහ යන ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයෝ ද ක‍්‍රීඩා කිරීමට නියමිතය.


කේ. එෆ්. සී. සමාගමේ සමූහ කළමණාකාරිණී මල්ජිනි ජයසේකර මහත්මිය විසින් සී. ආර්. ඇන්ඞ් එෆ්. සී. ක‍්‍රීඩා සමාජයේ සභාපති ක‍්‍රිස්ටෝපර් ජොර්දාසේ මහතාට අනුග‍්‍රහක චෙක්පත පිරිනැමූ අවස්ථාව. කේ. එෆ්. සී. සමාගමේ කළමණාකාර අධ්‍යක්‍ෂ මයිකල් බෙමිෂ් (දකුණේ), සී. ආර්. පිලේ නායක ඉෂාන් නූර් (වමේ) සහ සී. ආර්. ඇන්ඞ් එෆ්. සී. ලේකම් රන්සිරි සහබන්දු (මැද) යන මහත්වරු ද ඡයාරූපයේ වෙති.

ඡයාරූප - කුෂාන් පතිරාජ


අදහස් (0)

සී. ආර්. පිලට කේ. එෆ්. සී. අනුග‍්‍රහය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.