ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි වොලිබෝල් ඉසව්වේ 13 වැනි ස්ථානයත් 20 වැනි ස්ථානයත් අතර ශ්‍රේණිගත කිරීමේ වටය යටතේ අද (30 වැනිදා) පැවති තරගයකදී වට 3-1 ක් ලෙස නේපාලය පරාජය කිරීමට ශ්‍රී ලංකාව සමත් විය.
ලකුණු 25/23 ක් ලෙස එම තරගයේ පළමු වටය ජයගැනීමට නේපාලය සමත් වුවත්, එහි දෙවැනි, තෙවැනි සහ සිවුවැනි වට පිළිවෙලින් ලකුණු 25/16 ක්, 26/24 ක් සහ 25/21 ක් ලෙස ජයගත් ශ්‍රී ලංකාව සමස්ත තරගයෙන් වට 3-1 ක ජයක් ලැබීය.
‘ඊ’ කාණ්ඩය යටතේ තරගාවලිට එක් වූ ශ්‍රී ලංකාව මූලික වටයේදී සහභාගි වූ තරග 3 න් එක් තරගයක් ජයගෙන, තරග 2 ක් පරාජයට පත්වී එම කාණ්ඩයේ තෙවැනි ස්ථානයට පත් විය.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට නොහැකි වූ අතර 13 වැනි ස්ථානයත් 20 වැනි ස්ථානයත් අතර ශ්‍රේණිගත කිරීමේ තරග සඳහා සහභාගි වීමට සිදුවිය.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.