ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි සත් සාමාජික රග්බි ඉසව්වේ අද (30 වැනිදා) පැවැති මූලික වටයේ තරගකට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම, එහිදී ලකුණු 68-0 ක් ලෙස එක්සත් ආරාබි එමීර් රාජ්‍යය පරාජය කළේය.
ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ගෝල දිනුම් 9 ක් සහ උත්සාහක දිනුමක් මගින් එම තරගයේදී ලකුණු ලබාගත් අතර එහිදී එකදු ලකුණක් හෝ ලබා ගැනීමට එක්සත් ආරාබි එමීර් ක්‍රීඩකයෝ අසමත් වූහ.
අද පැවැති තවත් තරගයකදී කරට කර සටනකින් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 31-26 ක් ලෙස කොරියාව හමුවේ පරාජයට පත් විය. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම ගෝල දිනුම් 3 ක් සහ උත්සාහක දිනුමක් මගින් ලකුණු ලබාගත් අතර කොරියානු කණ්ඩායම ගෝල දිනුම් 3 ක් සහ උත්සාහක දිනුම් 2 ක් මගින් ලකුණු රැස්කළේය.
‘සී’ කාණ්ඩය යටතේ තරගාවලියට එක්ව සිටින ශ්‍රී ලංකාව සහභාගි වන මූලික වටයේ මීලග තරගය ඇෆ්ගනිස්තානයට එරෙහිව හෙට (31 වැනිදා) පැවැත්වේ.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.