Last Update  :  2025-05-14 18:22:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී ලංකා යොවුන් පිල තායිලන්තය පරදවයි

ශ්‍රී ලංකා යොවුන් පිල තායිලන්තය පරදවයි

දිලිනි මල්රුක්ෂි - 2013 අගෝ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

චීන තායිපේහිදී පැවැත්වෙන වයස 20 න් පහළ ආසියානු කනිෂ්ඨ රග්බි තරගාවලියේ ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර අද (13 වැනිදා) පැවැති තරගයෙන් ශ්‍රී ලංකා යොවුන් ක‍්‍රීඩකයෝ ලකුණු 24.20 ක් ලෙස තියුණු ජයක් ලැබීමට සමත් වූහ.

ජයග‍්‍රාහි ශ්‍රී ලංකා පිල ගෝල දෙකින් සහ උත්සාහක දිනුම් දෙකකින් ලකුණු ලැබූ අතර තායිලන්තයට ගෝල දෙකකින් සහ දඩුවම් පහර දෙකකින් ලකුණු එකතු විය.

තරගය ආරම්භයේ සිටම ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ තරගයේ පාලනය සියතට ගැනීමට සමත් වෙමින් පළමු අර්ධය අවසන් වන විට ලකුණු 19.3 ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් වූහ. ශ්‍රී ලංකා පිල දෙවැනි අර්ධයේ 20 වැනි මිනිත්තුව දක්වා ග‍්‍රහණය රදවා ගත්ත ද, අවසන් මිනිත්තු 20 තුළදී තායිලන්ත පිල ලකුණු 17 ක් රැස්කරමින් ශී‍්‍ර ලංකාව ආසන්නයට පැමිණියේය.

ශ්‍රී ලංකා පිලේ නායකයා ලෙස ගල්කිස්ස විද්‍යා විද්‍යාලයේ රිචඞ් ධර්මපාල කටයුතු කරයි.

 


අදහස් (0)

ශ්‍රී ලංකා යොවුන් පිල තායිලන්තය පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.