Last Update  :  2026-01-23 18:50:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී ලංකා කනිෂ්ඨ ස්කොෂ් ශූරතාවලිය රත්මලානේදී

ශ්‍රී ලංකා කනිෂ්ඨ ස්කොෂ් ශූරතාවලිය රත්මලානේදී

editorial - 2026 ජන මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා ස්කොෂ් සංගමය සංවිධානය කරන විවෘත කනිෂ්ඨ ස්කොෂ් ශූරතාවලිය මෙම මස 28 වැනිදා සිට පෙබරවාරි මස 1 වැනිදා දක්වා ‘ආසියානු කනිෂ්ඨ සුපර් සීරිස්’ තරගාවලියක් ලෙස  රත්මලාන ශ්‍රී ලංකා ගුවන් හමුදා ස්කොෂ් සංකීර්ණයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. 

මෙම ශූරතාවලිය මෙරට කනිෂ්ඨ ස්කොෂ් ක්‍රීඩකයන්ගේ ප්‍රවර්ධනයට වැදගත් අවස්ථාවක් වන අතර මෙම ශූරතාවලියට සහභාගි වන ක්‍රීඩකයන්ට ජාතික ස්කොෂ් ශ්‍රේණිගත කිරීම් සහ ආසියානු ස්කොෂ් සම්මේලනයේ ශ්‍රේණිගත කිරීම් සඳහා අවශ්‍ය ලකුණු ලබා ගැනීමටද අවස්ථාව හිමි වනු ඇත. 

ශ්‍රී ලංකාව, ඉන්දියාව, මැලේසියාව, සිංගප්පූරුව, ඉරානය, හොංකොං, මැකාවෝ සහ පකිස්ථානය වැනි ආසියාතික රටවල් 11 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් මෙම ශූරතාවලිය පැවැත්වේ. ඒ සඳහා වයස අවුරුදු 11 න් පහළ සිට 19 න් පහළ දක්වා වයස් කාණ්ඩ නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 150 කට අධික සංඛ්‍යාවක් ලියාපදිංචි වී ඇති අතර ඊට විදෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 55 දෙනෙක්ද ඇතුළත්ව සිටිති. 

මෙම ශූරතාවලිය පිළිබඳ අදහස් දක්වමින් ශ්‍රී ලංකා ස්කොෂ් සභාපති ගෘප් කපිතාන් එරන්ද ගීගනගේ මහතා පැවසුවේ මෙවැනි ස්කොෂ් ශූරතාවලියක් ශ්‍රී ලංකාවේ පැවැත්වීම මෙරට ස්කොෂ් ක්‍රීඩාවේ ප්‍රවර්ධනයට වැදගත් සන්ධිස්ථානයක් වන බවය. 

 


අදහස් (0)

ශ්‍රී ලංකා කනිෂ්ඨ ස්කොෂ් ශූරතාවලිය රත්මලානේදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.