Last Update  :  2025-05-06 16:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news විශ්වමිත්‍රට වසර දෙකක තහනමක්

විශ්වමිත්‍රට වසර දෙකක තහනමක්

සංජය එරමුදුගොඩ - 2017 ඔක් මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සී.ආර්. ඇන්ඩ් එෆ්.සි., මෙන්ම නාවික හමුදා රග්බි පිල සහ ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි පිල නියෝජනය කළ විශ්වමිත්‍ර ජයසිංහට වසර දෙකක තරග තහනමක් පැනවීමට ශ්‍රී ලංකා රග්බි ආයතනය විසින් පත් කරන ලද විනය කමිටුව පියවර ගෙන තිබේ.

වෙළෙඳ සේවා සත් සාමාජික රග්බි තරගාවලියේදී ඇක්සස් කණ්ඩායමට ක්‍රීඩා කළ ක්‍රීඩකයකු වන විශ්වමිත්‍ර 2019 ඔක්තෝබර් මාසය දක්වා රග්බි ක්‍රීඩාවේ නිරතවීමට නොහැකිවන පරිදි තහනම පනවා තිබේ.

ඔහුට මේ තහනම පනවා ඇත්තේ පසුගියදා පැවැති වෙළෙඳ සේවා සත් සාමාජික රග්බි තරගාවලිය අතරතුර සහය විනිසුරු මොහොමඞ් අෂ්රෆ්ට මහතාට පහරදීම හේතුවෙනි.

කෙසේවෙතත් ඔහු දැනට නියෝජනය කරන මහනුවර ක්‍රීඩා සමාජය හරහා මෙම තහනමට එරෙහිව අභියාචනාවක් ඉදිරිපත් කිරීමට සූදානමින් සිටී. ඔහුගේ තහනමට අමතරව පුහුණුකරුවකු වන දිනේෂ් කුමාරට මහතාටද වසරක තරග තහනමක් පනවා තිබේ.

 


අදහස් (0)

විශ්වමිත්‍රට වසර දෙකක තහනමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.