පාසල් රග්බි සංගමය මෙහයෙවන අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු කොටසේ කොළඹ රාජකීය විදුහල් රග්බි පිටියේදී අද (02) පැවැති තරගයේදී රාජකීය විදුහල් පිල ලකුණු 60-08 කින් කොළඹ ඞී. එස්. සේනානායක විදුහල පරාජය කළේය.
රාජකීය විදුහල ගෝල හයකින්, උත්සාහක දිනුම් තුනකින් සහ දඩුවම් පහරකින් ලකුණු ලැබූ අතර ඞී. එස්. සේනානායක විදුහල උත්සාහක දිනුමකින් සහ ඩ්‍රොප් ගෝලයකින් ලකුණු ලැබීය.
තරගයේ පළමු අර්ධය අවසන් වන විට රාජකීය විදුහල ලකුණු 15-8 ක් ලෙස පෙරමුණේ පසු විය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.